1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

කුරුලෑ වර්ග හඳුනාගනිමු

Acne First Part

කුරුලෑ කියන්නෙ සමාජයේ තරුණ තරුණියන් බොහෝදෙනෙක්ට වදදෙන ප්‍රශ්නයක්. යෞවන අවධියේ පටන් වැඩිහිටි අවධිය දක්වාම මේ ගැටලුව අපිට දකින්න පුලුවන්. බොහෝ විට මේ සඳහා හේතුවෙන්නේ ශරීරය හෝමෝන වෙනස් වීමි ගැටලුවක්.


Acne Problem


සමෙහි ඇති සිදුරු සිරවීමෙන් (Clogged pores) මේවා ඇතිවන්න පුළුවන්. මේ සඳහා විවිධ හේතු බලපානවා

▪️අධික ලෙස සමෙන් තෙල් නිපදවීම(Sebum)
▪️බැක්ටීරියා ආසාදන
▪️හෝමෝන විචල්‍යතා
▪️සමෙහි මැරුණු සෛල
▪️නිවැරදිව නොවැඩුණු රෝම

මෙලෙස ඇතිවන කුරුලෑ ආසාදිත හෝ ආසාදිත නොවූ ලෙස පැවතිය හැක.වඩා හොඳ ප්‍රතිකාර කිරීමක් සඳහා කුරුලෑ වර්ගය නිවැරදිව හඳුනාගත යුතු වේ.

ඉහත දැක්වූ වර්ග දෙකට අදාළව කුරුලෑ ආකාර කිහිපයකි.


Six Types Of Acne


🔸Blackheads

🔸Whiteheads


🔸Papules


🔸Pustules


🔸Nodules


🔸Cysts


ඇතැම් අවස්ථාවලදී මෙම ආකාර කිහිපයකටම අදාළ කුරුලෑ එක විට දැකගන්නත් පුළුවන්.
Acne Types


🔹ප්‍රදාහමය තත්ත්වයක් නොපෙන්වන කුරුලෑ


බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් මෙම ආකාරය යටතට ගැනේ. මේවා ගෙඩි ගැසීමක්/ඉදිමීමක් පෙන්නුම් නොකරයි.

සැලිසිලික් අම්ලය (Salicylic Acid) අඩංගු ආලේපන බොහෝ විට කුරුලෑ සඳහා භාවිතා කරයි. ඒවා මගින් සමෙහි මැරුණු සෛල ඉවත් කිරීම සිදුකරයි. මේ නිසාත් බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඇතිවිය හැක.



🔸බ්ලැක් හෙඩ්ස් / Blackheads (open comedones)


සමෙහි මැරුණු සෛල සහ තෙල් (Sebum) සමෙහි පිටතට විවෘත වන සිදුරුවල සිරවීම නිසා මේවා ඇති වේ. මෙහි පිටතට විවෘත වන සිදුර නො වැසී පවතින අතර ඇතුළතින් සිර වී පවතී. ආවේණික කළු පැහැයකින් යුක්ත වේ.

Blackheads


🔸වයිට් හෙඩ්ස් / Whiteheads (closed comedones)


මේවා ඇති වන්නේ ද සමේ මැරුණු සෛල සහ තෙල් සිදුරු වල සිරවීම නිසා වන අතර blackheads මෙන් නොව මේවා පිටතට විවෘත නොවේ. ඒ වෙනුවට කුඩා සුදු පැහැති පිටතට නෙරුමක් ලෙසින් දිස්වේ. මේවායේ සිදුරු වැසී ඇති නිසා ප්‍රතිකාර කිරීම තරමක් අපහසුය


Whiteheads




🔹 ප්‍රදාහමය / ආසාදිත තත්ත්වයක් පෙන්වන කුරුලෑ

ප්‍රදාහමය තත්ත්වයකදී පෙන්වන පරිදි රතු වූ සහ ඉදිමුණු/ පලු ගැසුණු කුරුලෑ ආසාදිත කුරුලෑ ලෙසින් හඳුන්වයි.

මේවායේ සමේ මැරුණු සෛල සහ සමෙහි අඩංගු තෙල්, සමේ කුඩා සිදුරුවල සිරවීමට අමතරව බැක්ටීරියා ආදී විෂබීජද මෙම සිදුරුවල ආසාදයන් ඇති කරයි. මෙවැනි බැක්ටීරියා ආසාදන සමෙහි ඇතුළත ස්ථානවලට පවා ආසාදනය විය හැකි අතර ඇතැම් විට වේදනාවක් ද ඇතිවිය හැක. මෙවැනි කුරුලෑ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේදී බොහෝ විට ප්‍රතිජීවක ආලේපන භාවිතා කරන අතර මේවා මගින් ප්‍රදාහ තත්ත්වයද අවම කරයි.


🔸Papules


සමෙහි ඇති කුඩා සිදුරු බැක්ටීරියා මගින් ආසාදනය වීමෙන් ඒවායේ බිත්ති වලට හානි වීමෙන් පසු ආසාදනය තවදුරටත් පැතිරීම නිසා මේවා හටගනී. මෙවැනි කුරුලෑ අතින් ඇල්ලීමේදී තද ගතියක් දැනෙන අතර වේදනාවක් හට ගනී. කුරුලෑව අවට සම රතු පැහැතිය.


Papule

🔸Pustules/ සැරව ගෙඩි


මේවා ද Papules මෙන්ම සමෙහි ඇති කුඩා සිදුරු වල බැක්ටීරියා ආසාදනය පැතිරීම මගින් හටගන්නා අතර Papules වලට වඩා වෙනස් වන්නේ මේවා තුළ සැරව පැවතීම හේතුවෙනි. රතු පැහැති කුඩා ගෙඩියක් ලෙසින් පිටතට නෙරනු ලබන අතර ඉහලින්ම සුදු පාට හෝ කහ පාට සැරව බිබිල දැකිය හැකිවේ.


Pustule



🔸Nodules


Papules සහ Pustules  වලට වඩා විශාල මෙන්ම සමෙහි යට ස්ථරවල ද පැතිරුණු වඩා විශාල කුරුලෑ ගෙඩි Nodules ලෙසින් හඳුන්වන්න පුළුවන්. මෙම කුරුලෑ වලට සාමාන්‍ය ප්‍රතිකාර වලට වඩා විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය වන අතර බොහෝවිට විටමින්A අඩංගු ආලේපන ලබාදීම සිදුවෙනවා.

Nodule

🔸Cysts


මේවා ඇති වන්නේ ද සමෙහි අඩංගු  බැක්ටීරියා, තෙල් සහ මැරුණ සෛල වලින්මයි. නමුත් Nodules වලටත් වඩා ගැඹුරට පැතිරෙනවා. මේවා රතු හෝ සුදු පැහැති නෙ ර ලෙසින් සමේ මතුපිට වඩා විශාල කුරුලෑවක් ලෙසින් දිස් වෙනවා. බොහෝවිට තුවාල කැළලක ආකාරයක් ගන්නා අතර අතින් ස්පර්ශ කිරීමේදී වේදනාවක් හට ගන්නවා. ඇතැම් අවස්ථාවලදී ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදුවෙනවා


Cyst
Four Types


Skin Involvement of Acne


ඉහතින් පෙන්වූ කුරුලෑ වර්ග වල තීව්‍රතාව අනුව බලනවිට බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් වර්ග අවම වර්ගයේද Papules සහ Pustules මධ්‍යම වර්ගයේද Nodules සහ Cyst වර්ගයේ කුරුලෑ තරමක් බරපතල වර්ගයේද තීව්‍රතාවයකින් යුක්ත වෙනවා.

බටහිර වෛද්‍ය ක්‍රමයේදි බොහෝවිට සැලිසිලික් අම්ලය (Salicylic Acid) අඩංගු ආලේපන හෝ බෙන්සොයිල් පෙරොක්සිඩේස්  (Benzoyl Peroxide) අඩංගු ආලේපන මූලික අවස්තාවේ කුරුලෑ වලට ප්‍රතිකාර කරන්න භාවිතා කරනවා.


මීට අමතරව Retinoids අඩංගු ආලේපන භාවිතාකිරීම සහ අවස්ථානුකූලව බොන බෙහෙත් වර්ග සහ කුඩා ශ්‍යල්‍යකර්ම පවා සිදුකරනු ලබනවා. අපි මෙහිදී බටහිර ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්නෙ නැහැ. මේ සඳහා ඇති ස්වාභාවික ප්‍රතිකර්ම ගැන වෙනත් ලිපියකින් ඔබව දැනුවත් කරනවා. නමුත් අවස්ථානුකූලව බටහිර වෛද්‍ය ක්‍රමයද භාවිතා කරන්න පුලුවන්. අපි ඔබට තොරතුරු ගෙන එන්නේ එක වෛද්‍ය ක්‍රමයකට සීමානොවී ලෝකයේ භාවිතා වන විවිධ වෛද්‍ය ක්‍රමයන්වල එකතුවක් විදියට. ඊළග ලිපිය ලඟදීම බලාපොරොත්තු වන්න.



Comments

අපට ලියන්න

Name

Email *

Message *