1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

ස්නේහ ශ්‍රාවය (Sebum) සමට වැදගත් වන්නේ ඇයි?

ස්නේහශ්‍රාවී ග්‍රන්ථි මගින් ස්‍රාවය වන ලා කහ පැහැති තෙල් සහිත ද්‍රව්‍යයක් වන Sebum හෙවත් ස්නේහ ශ්‍රාවය/තරලය/තෙල් සමේ හා හිසකෙස් වල තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වේ. 


Cover

මෙම ස්නේහ ශ්‍රාවය සෑදී ඇත්තේ

ට්‍රයිග්ලිසරයිඩ - Triglycerides

නිදහස් මේද අම්ල - Free fatty acids
වැක්ස් එස්ටර - Wax esters
ස්කොලේන් - Squalene
කොලෙස්ටරෝල් එස්ටර - Cholesterol esters
කොලෙස්ටරෝල් - Cholesterol වලින්ය. 

සම මතුපිට ඇති තෙල් ස්වාභාවය මේ Sebum පමණක් නොවේ. එයට ස්නේහ ශ්‍රාවයට අමතරව සමේ සෛල, දහඩිය සහ පාරිසරික ද්‍රව්‍ය වලින් එකතුවූ තෙල්ද අඩංගුවේ



🔷ස්නේහශ්‍රාවී ග්‍රන්ථි පිහිටා ඇති ස්ථාන


අත්ල සහ පාදවල පාද හැරුණු විට ශරීරයේ සෑම තැනකම පාහේ මෙම ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි  හැකිය. පිටේ, ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ සහ මුහුණේ නළල හා නිකට අතර පෙදෙසෙහි ස්නේහශ්‍රාවී ග්‍රන්ථි වැඩි ප්‍රමාණයකින් පවතී.මෙම ග්‍රන්ථි බොහොමයක් කෙස් ගස්වලට සම්බන්ධ වී ඇති අතර සමහරක් ග්‍රන්ථි සම මතුපිටට කෙලින්ම විවෘත වේ.
ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි

🔷ස්නේහ ශ්‍රාවය නිපදවන ආකාරය


මෙම ස්නේහශ්‍රාවය සම මතුපිටට යාමට පෙර, ඒවා කෙස් ගස් මූලයෙහි ඇති මැරී ඉවත්වන සෛල සමග එකතුවේ. පසුව කෙස් ගස සමග ඇති නාලය ඔස්සේ සම මතුපිටට ගමන් කරයි. මෙලෙස සමට ලැබෙන Sebum තරලය නිසා සමට තෙතමනය ලැබෙනවා.
ස්නේහ ශ්‍රාවය 


මෙම තෙල් නිපදවීම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීම Seborrhea ලෙසින් හඳුන්වනවා.

අධික Sebum නිපදවීමත්, සමේ මැරුණු සෛලත් එකතුවීමෙන් සමේ සිදුරුවල සිරවීම නිසා කුරුලෑ ඇතිවිමට හේතුවේ. එසේම මෙම Sebum ශ්‍රාවය ප්‍රමාණවත් තරමින් නිපදනොවීම නිසා සම වියළි යාමට හේතුවේ.



ස්නේහ ගලායාම


🔷Sebum වැදගත් වන්නේ ඇයි

🔹හිසකෙස් හා සම තෙත්ව තබා ගැනීම
🔹සමේ නම්‍යතාවය පවත්වා ගැනීම
🔹බැක්ටීරියා සහ දිලීර ආසාදනවලින් සම ආරක්ෂා කර ගැනීමට බාධකයක් ලෙස ක්‍රියා කිරීම


වගේ කර්තව්‍යයන් මෙම ස්නේහ තරල මගින් සිදුකරනවා. 
මීට අමතරව ශරීරයේ ගන්ධය ඇතිවීමට හේතුවෙනවා.



🔷Sebum නිෂ්පාදනයට බලපාන සාධක


ස්නේහශ්‍රාවය නිෂ්පාදනය පාලනය කරනු ලබන්නේ හෝමෝන මගිනි. විශේෂයෙන් ටෙස්ටොස්ටෙරෝන් වැනි ලිංගික හෝමෝන මේ සඳහා හේතුවෙනවා. වැඩිවිය පැමිණීමේදී මේ ස්නේහ ග්‍රන්ථි වඩා විශාල වීම සහ හෝමෝන වඩාත් ක්‍රියාකාරී වීම නිසා වැඩි ස්නේහ තෙල් ප්‍රමාණයක් නිපදවයි. 
මේ නිසා නව යොවුන් වයසේදී කුරුලෑ ඇතිවීම සුලභ කාරණයක් . මෙය 

ගැහැණු අයට සාපේක්ෂව පිරිමි අයගේ පස් ගුණයකින් වැඩිය.
මෙම Sebum නිෂ්පාදනය වයස අවුරුදු 20 වන විට අඩු වීමට පටන් ගන්නා අතර වයසට යාමත් සමඟ මන්දගාමී වේ.


ඇතැම් විට ශරීරයේ නිපදවන Sebum ප්‍රමාණය සමහර රෝග අනුව වෙනස් වෙනවා. පිටියුටරි ග්‍රන්ථියේ, අධිවෘක්ක ග්‍රන්ථියේ, ඩිම්බ කෝෂ සහ වෘෂණ කෝෂ වලට සම්බන්ධ ඇතැම් රෝග නිසා මෙම Sebum නිෂ්පාදනය අඩුවීමට හෝ වැඩිවීමට හැකියාවක් ඇත. එසේම නිරාආහාරව සිටීම Sebum නිෂ්පාදනය අඩුකරන පාකින්සන් රෝගය නිසා ස්නේහ තරල නිපදවීම වැඩි කරයි.


උපත් පාලන ඖෂධ ( Contraceptives ), ලිංගික හෝමන අක්‍රිය කරන ඖෂධ
( Antiandrogens) වැනි ඇතැම් ඖෂධ  මෙම Sebum නිෂ්පාදනය අඩුකරයි. එසේම ටෙස්ටොස්ටෙරෝන් සහ ප්‍රොජෙස්ටරෝන් මගින මෙම තරලය නිෂ්පාදනය වැඩි කරයි.


එසේම පිටි ආහාර, සුදු බත් සහ පැස්ටා වැනි ආහාර මගින් Sebum තරල නිපදවීම වැඩිවීමට හේතුවෙනවා.




🔸වියළි සමක් ඇතිවිට

ඔබේ ශරීරයේ ප්‍රමාණවත් ලෙස Sebum නිපදවන්නේ නැත්නම් සම වියළිම, ​​රතුවීම, සුදුමැලිවීම හෝ කැසීම ඇති විය හැක. රළු සබන් භාවිතා කිරීම සහ නිතර උණුසුම් වතුර ස්නානය මගින් සම වියළිම තවත් වැඩිවේ. නමුත් ස්නානය කිරීමෙන් පසු සමේ තෙතමනය රඳවාගත හැකි ගුණාත්මක මොයිස්චරයිසර් ආලේපයක් භාවිතා කිරීමෙන් සමේ වියළීම අවම කරගත හැක. (මේ ගැන පසුව දීර්ඝ වශයෙන්  කතාකරනවා)

🔸තෙල් සහිත සම ඇතිවිට

ඔබට තෙල් සහිත සමක් ඇත්නම් දිනකට දෙවරක්වත් මුහුණ සෝදන්න.සතියකට කිහිප සැරයක් මෘදු ස්ක්‍රබ් එකක් භාවිතා කරන්න පුලුවන්.
තෙල් සහිත සමකට ගැලපෙන සහ නොගැලපෙන ආහාර ගැන අවධානය යොමු කරන්න.
තෙල් රහිත ලෙස ලේබල් කර ඇති ආලේපන සම සඳහා භාවිතා කරන්න.නින්දට යාමට පෙර නිතරම ඔබේ මුහුණ සෝදාගැනීම කළහැක. සමට භාවිතා කරන ආලේපන සහ උපකරණ පිරිසිදුව තබා ගැනීම වැදගත් වේ. (මේ ගැන වැඩි විස්තර පසුව කතා කරමු)

~ස්වාභාවික සුවය~
(අවසරයෙන් තොරව උපුටාගැනීම තහනම්)

Comments

අපට ලියන්න

Name

Email *

Message *