1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

තෙල් සහිත සමකට ගැලපෙන ආහාර සහ නොගැලපෙන ආහාර

Foods For Oily Skin

තෙල් සහිත සමක් ඇති අය තමන්ගේ ආහාර ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. සමේ තෙල් ගතිය වැඩිවන ආහාර ගැනීමෙන් ඔවුන්ගේ සමේ කුරුලෑ Blackheads, Whiteheads ඇතිවීම සහ සම සිදුරු ලොකු වීමේ අවදානමක් පවතිනවා. ඔබ ගන්නා ආහාර රටාවේ පොඩිවෙනසක් සිදු කිරීමෙන් මේ ගැටලු මගහරවා ගන්න පුළුවන්.
ඔබේ සමේ ඇති ස්නේහශ්‍රාවී ග්‍රන්ථි වලින් Sebum නිපදවීම අඩුකරන ආහාර ගැනීමෙන් සහ Sebum නිපදවීම වැඩිවන  ආහාර නොගැනීමෙන් මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ කෙසේද අපි බලමු.

ආහාරයට ගතයුතු සමේ තෙල් නිපදවීම අඩුකරන ආහාර


🔹පිපිඤ්ඤා


පිපිඤ්ඤා 95% ක්ම ඇත්තේ ජලයයි. ශරීරයේ ඇති ජල ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට පිපිඤ්ඤා ඉතාම සුදුසුයි. විශේෂයෙන්ම සමට හොඳ ජල ප්‍රමාණයක් තිබීම මගින් ශරීරයේ ඇති විෂ හරණය කිරීම ක්‍රමවත් කිරීමට දායක වෙනවා.ඒ වගේම පිපිඤ්ඤා වල ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගුයි. එය ද සමට ඉතාම හොඳයි. එසේම ප්‍රතිප්‍රදාහ ගුණ සහිත නිසා කුරුලෑ ඇතිවීම අවම කරනවා.


🔹ඇට ජාති


ඇට ජාති වල ප්‍රතිඔක්සිකාරක ඉහළ ප්‍රමාණයකින් තියෙනවා. මේවා නිරෝගිමත් පිරිසිදු සමකට අත්‍යවශ්‍ය වෙනවා. ඒවා සතුව ප්‍රතිප්‍රදාහ ගුණ සහිත නිසා සමහි පැවැත්ම රඳවා ගන්නට අවස්ථාව ලැබෙනවා. නමුත් අධිකව විදියට මේවා ආහාරයට ගැනීම නුසුදුසුයි. ඔබේ අතින් මිටක ප්‍රමාණයට සමාන හෝ ඊට අඩුවෙන් දිනපතා ඇටජාති ආහාරයට ගැනීම වඩා සුදුසුයි.එසේම ඒවායේ අඩංගු ඔමේගා ත්‍රී (Omega 3) මගින් සම සුවපත් කිරීමේ හැකියාවක් ද ලබා දෙනවා. කුරුලෑ ඇතිවීමේ අවදානම අඩු කරන අතර Insulin Like Growth factor අඩු කිරීම මගින් සමට නිරෝගී භාවය ලබා දෙනවා. ඒ වගේම ස්නේහශ්‍රාවී ග්‍රන්ථි අධිකව කෙරටනීභවනය (Hyperkeratinization) වීම වළක්වනවා.
එසේම සමට අවශ්‍ය ඇතැම් මූලද්‍රව්‍ය ලබාදීමටත් ඇට ජාති වැදගත් වෙනවා.

🔹ධාන්‍ය වර්ග


ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් සමේ ව්‍යුහය සහ වර්ණය වැඩිදියුනු කරගන්න පුලුවන්. මේවායේද ප්‍රතිඔක්සිකාරක බහුල වශයෙන් අඩංගු වෙනවා. එසේම බයෝටීන් ඇතුලුව අනෙකුත් විටමින් B වර්ග අඩංගුවෙනවා. ශරීරයේ බයෝටීන් ප්‍රමාණය අඩු වීමෙන් සමේ වියළි සහ කැඩෙන සුළු බවක් දකින්න ලැබෙන්වා.එමෙන්ම දුඹුරු සහල්, ඕට්ස් වගේ ධාන්‍ය වල වැඩි තන්තු ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමගින් මළපහ පිටවීමේ ගැටලු විසඳීමට හේතුවෙනවා. ඔබගේ බඩවැල් වල ඇති ඇතැම් ගැටලු සමේ නිරෝගීභාවය අඩුවීමට බලපානවා. ඒ ගැන වෙනම ලිපියකින් පසුව කතා කරමු.


🔹කෙසෙල්


කෙසෙල් වල විටමින් E පොස්පේට් සහ පොටෑසියම් අඩංගු වෙනවා. ඒවා මඟින් සමේ නිරෝගී භාවය වැඩි කරනවා. එසේම විශ හරණයට දායක වෙනවා. සමෙහි සිදුරු ප්‍රමාණය අඩුවීමටත් ඒවා අපිරිසිදු වීමෙන් වැළැක්වීමටත් වැදගත් වෙනවා.

🔹අලිගැටපේර


සමට ඉතාම වැදගත් පළතුරක් වන අලිගැටපේර වල ශරීරයට ඉතා වටිනා මේද අම්ල (Fatty Acid) අඩංගුවෙනවා. මෙමගින් අධික තෙල් ප්‍රමාණයක් ස්‍රාවය වීම වළක්වනවා. එසේම ප්‍රතිඔක්සිකාරක අඩංගු ඉතාම වැදගත් පලතුරක් වන අතර විටමින් ඒ අඩංගු කැරටිනොයිඩ වර්ග තියෙනවා. Alpha-Carotene, Beta-Cryptoxanthin, Beta-Carotene, Zeaxanthin සහ Lutein යන පෝෂ්‍ය ද්‍රව්‍ය අලිගැටපේර වල අඩංගුයි. අවශ්‍ය තරමින් කැටොටිනොයිඩ ආහාරයෙන් ලැබෙනවා කියන්නේ ඔබගේ සමේ ඝනත්වය (Density), ඝණකම (Thickness) සහ ශක්තිමත්භාවය වැඩි වීමට හේතු වෙනවා.

🔹නිවිති


නිවිති, බ්‍රොකොලි වගේ එළවළු වල තෙල්/මේද කොටස් අඩංගු වෙන්නේ නැහැ. ඒවා තන්තු වලින් පොහොසත්. ඒවා මගින් සමෙහි තෙල් නිපදවීම අවම කරනවා ඒ වගේම මේවායේ ජලය වැඩි ප්‍රතිශතයකින් අඩංගුයි. ඒ වගේම සමට වැදගත්  විටමින් E වැනි පෝෂණ කොටස් ද තියෙනවා.ඒවායේ ප්‍රතිප්‍රදාහක ( Anti-inflammatory) ගුණ ඇති නිසා සමෙහි තෙල් නිපදවීම පාලනය වීම මඟින් කුරුලෑ ඇතිවීම වළක්වනවා.

🔹පැඟිරි කුලයේ පලතුරු


පැඟිරි කුලයේ හෙවත් Citrus Fruit පලතුරු වන දොඩම්, ලෙමන් ආදියෙහි විටමින් C සැලකියයුතු ප්‍රතිශතයකින් යුක්ත වෙනවා. මේවා විශේෂයෙන්ම ඇල්කලයින් ගුණ දක්වන නිසා ශරීරයේ විෂ හරණය මගින් සමේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට වැදගත් වෙනවා. මෙම පලතුරු වල ඇති ස්වාභාවික තෙල් වර්ග සමේ තෙතමනය රඳවා ගැනීමට වැදගත් වෙනවා. ඒක වගේම Citric Acid මගින් කුරුලෑ ඉවත් කිරීමට සහ සමෙහි  ව්‍යුහය පවත්වා ගැනීමට වැදගත් වෙනවා. නිරන්තරයෙන් ලෙමන් යුෂ පානය කිරීමෙන් කුරුලෑ, Blackhead සහ අනෙකුත් සමෙහි රෝග බොහොමයක් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මේවා මගින් අක්මාවෙහි කාර්‍යය ක්‍රමවත් කරන්න නිසා එය සමෙහි නිරෝගී භාවයටද බලපානවා.


🔹Dark chocolate


මේවායේ ඉහල ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වන අතර සමයේ නිරෝගී භාවයට ඉතාම වැදගත් වෙනවා.


🔹පොල් වතුර


පොල් වතුර ශරීරයේ ජලප්‍රමාණය පවත්වා ගැනීමට අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම සමෙහි කුරුලෑ ඇතිවීමෙන් වළක්වනවා වගේම සම පිරිසිදුව තබා ගැනීමට හේතු වෙනවා. පොල්වතුරවල විටමින් C, රයිබොප්ලේවින්, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, මැන්ගනීස් වගේ වැදගත් , මූලද්‍රව්‍ය අඩංගු වෙනවා.


තෙල් සහිත සමක් ඇති අයට සුදුසු ආහාර


සමෙහි නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීමට සුදුසු ආහාර ගැන වයසට යෑම පාලනය කරගන්නා ආකාරය ගැන ලියවුනු ලිපියේ දැක්වෙනවා. එම ලිපියෙන්ද වටිනා කාරණා රැසක් ඔබට දැනගන්න පුලුවන්.




තෙල් සහිත හමක් ඇති අය භාවිතයෙන් ඉවත් කළ යුතු ආහාර


🔹කිරි සහිත ආහාර


කිරි සහිත ආහාර වල සමහර හෝමෝන (ටෙස්ටෙස්ටරෝන් වැනි) වැඩිවශයෙන් තියෙන්න පුළුවන්. මේවා මගින් ස්නේහස්‍රාවී ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වැඩි කරමින් සමෙහි තෙල් ගතිය තවත් වැඩි කරන්න පුළුවන්.


🔹කැෆේන් / කෝපි


තේ සහ කෝපි ඔබගේ ශරීරය යම් මට්ටමකින් විජලනය කරයි. එමගින් සමෙහි අධික තෙල් නිපදවීමක් ඇතිකර කුරුලෑ වර්ධනය කරන්න පුළුවන්.


🔹සකසන ලද කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර


කෘතිමව නිපදවූ පැස්ටා, තිරිඟු පිටි අඩංගු ආහාර, ක්ෂණික ආහාර සහ ක්ෂණික බීම වගේ දේවල් රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවීම සිදු කරනවා. මෙමගින් ‍ස්නේහශ්‍රාවී ග්‍රන්ථි වල තෙල් නිපදවීම වැඩි කරනවා.


🔹සන්තෘප්ත මේද සහ ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් අඩංගු ආහාර


මේවා ප්‍රදාහය ඇති කරන මේද වර්ග කියලා හඳුන්වනවා. මේවා තෙල් සහිත සමක් ඇති අය ආහාරයට නොගත යුතුයි. මේවා මගින් සමෙහි  ප්‍රදාහයක් ඇතිවීම නිසා අධික තෙල් නිපදවීමක් සිදු වෙන්න පුළුවන්. සොසේජස්, සමහර මස් වර්ග, පීසා, බටර්, චීස්, කේක් වගේ ආහාරවල මේවා අඩංගු වෙනවා. ඒවගේ ම ගැඹුරු තෙලේ බදින ලද ආහාර වල Trans Fatty Acid අඩංගු වෙනවා. ඒවා ආහාරයට ගැනීමෙන් තවදුරටත් සමේ ගැටලු ඇති වෙන්න පුළුවන්.


🔹සීනි සහ පැණිරස ආහාර


අධික සීනි ආහාරයට ගැනීම මගින් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඉන්සියුලින් ශ්‍රාවය වැඩිවීමෙන් සමේ ස්නේහශ්‍රාවී ග්‍රන්ථි වල තෙල් නිපදවීම වැඩි වෙනවා. මෙය කුරුලෑ වැඩිවීමට හේතුවෙනවා. එම නිසා පැණි රස ආහාර ගැනිම නොකළ යුතුයි. විශේෂයෙන් සුදු සීනි භාවිතයෙන් වැළකීම අතිශය වැදගත් වෙනවා.

🔹ලුණු යෙදූ ස්නැක්ස් (Snacks)


මේවා එහි ඇති අධික ලුණු නිසා ශරීරය ප්‍රදාහය ඇති කරන්න පුළුවන්. එමගින් තෙල් නිපදවීම තවත් වැඩිවෙනවා. එසේම ශරීරය විජලනයට ලක් වෙන්නත් පුළුවන්. එමනිසා අධික ලුණු අඩංගු සුළු කෑම වර්ග වන අච්චාරු, බදිනලද අලපෙති බයිට් වැනි කෑම, සෝස් සහ ලුණුදමා වියලන ලද ආහාරවැනි කෑම වර්ගවලින් භාවිතයෙන් වැළකීම වැදගත් වෙනවා.


🔹ඇල්කොහොල් (Alcohol)


Alcohol මගින් ද සමෙහි තෙල් ගතිය වැඩි කියනවා. ලංකාවෙ කාන්තාවන් සාමාන්‍යයෙන් ඇල්කොහොල් භාවිතා නොකරන නිසා මෙය එතරම්ම වැදගත් වෙන එකක් නැහැ.



🔹මස් මාංශ


මස් මාංශ වල වැඩි ප්‍රමාණයෙන් සෝඩියම් අඩංගුවෙනවා ඒවා ශරීරයේ ජලය රඳවා ගැනීමට හේතු වෙනවා. මෙමගින් ශරීරයේ ප්‍රදානයන් ඇතිවීම නිසා සමට බලපාන්න පුළුවන්.


🔹මිරිස් අඩංගු ආහාර


මිරිස් අඩංගු ආහාර හෙවත් (Spicy Foods) ගැනීමෙන් පහසුවෙන් ආහාර දිරවීමට නොහැකි වෙනවා. ඒ නිසා මේවා ශරීර එකතුවෙලා ශරීරයේ විෂ ඇතිවෙන්න පුළුවන්. එමගින් ශරීරයේ රස්නය ගතිය (Body Heat) වැඩි කරන්න පුළුවන්. එමගින් සමෙහි තෙල් නිපදවීම වැඩි කරනවා එමගින් කුරුලෑ ඇතිවීම වැඩි කරන්න පුළුවන්.

ඉදිරියේදී අපි බලමු තෙල් සහිත සමක් ඇති අයට සුදුසු රූ රහස් මොනවද කියලා.

~ස්වාභාවික සුවය~රූ රහස්~
(අවසරයකින් තොරව උපුටාගැනීම තහනම්)


Comments

අපට ලියන්න

Name

Email *

Message *