1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

ස්වභාවික ක්‍රම වලින් දිදුලන සම ලබා ගන්නේ කෙසේද?

Skin Glowing 

දිලිසෙන, දෝෂ රහිත සමක් ලබාගැනීම බොහෝ කාන්තාවන්ගේ සිහිනයකි. අද වන විට සම ආරක්ෂණ නිෂ්පාදන රාශියක් තිබුනත් මේවායින් බොහොමයකට අපේක්ෂිත ප්‍රතිඵල ලබා දිය නොහැක. ඔබේ සමේ වර්ගය අනුව ඊට ගැලපෙන නිෂ්පාදනයක් ලබා ගැනීමට ඔබ උත්සාහයක් ගෙන තිබේද? ඇතැම් විට ඔබ තවමත් රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වලට වැඩිපුර යොමු වෙනවා ඇත. 
නමුත් ඔබේ සමේ ස්වාභාවික දීප්තිය යථා තත්වයට පත් කරගැනීමට ඔබේ නිවසේදීම කළ හැකි පිළියම් ගැන ඔබ නිවැරදිවම නොදන්නවා විය හැකියි. වැඩි විස්තර දැනගැනීම සඳහා දිගටම කියවන්න.

මෙම ලිපියේ අඩංගු දේ 

ඔබේ සමේ දීප්තියට නරක ආකාරයෙන් බලපාන සාධක මොනවාද?
සම පැහැපත් කර ගැනීමට ස්වාභාවික ක්‍රම
සම පැහැපත් කර ගැනීම සඳහා ඔබ අනුභව කළ යුතු ආහාර මොනවාද?
දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා කළ යුතු දෑ සහ නොකළ යුතු දේ


ඔබේ සමේ දීප්තියට නරක ආකාරයෙන් බලපාන සාධක මොනවාද?

බොහෝ සාධක ඔබේ සමේ දීප්තියට බලපායි. ඒවා අතරින් ඔබේ සමට නරක ආකාරයෙන් බලපාන සාධක කිහිපයක් පහතින් දක්වා ඇත.

1. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර
සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර මගින් ඔබේ සම අඳුරු වේ. පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර පරිභෝජනය කිරීම හා සමබර ආහාර වේලක් ගැනීම ඔබේ සමේ ස්වාභාවික දීප්තිය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

2. නින්ද නොමැතිකම
ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබුනේ නම්, එය ඔබේ සම මත දිස් වේ. දවස අවසානයේදී ප්‍රමාණවත් විවේකයක් සහ නින්දක් ලබා ගැනීම ඔබේ සමේ සෛල පුනර්ජීවනය (rejuvenate) කිරීමට උපකාරී වන අතර එමඟින් ඔබ ස්වභාවිකවම දීප්තිමත් පෙනුමක් ලබා ගනී.

3. පාරිසරික සාධක
සූර්යයාගේ හානිකර පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම, දූවිලි හා දූෂණය ඔබේ සමට අහිතකර ලෙස බලපායි.

4. සජලනය නොමැතිකම
විජලනය හෙවත් ශරීරයේ ජල ප්‍රමාණය අඩුවීම ඔබේ සමට රුධිරය ගලායාම අඩු කරන අතර එමඟින් අඳුරු සහ සුදුමැලි පෙනුමක් ඇති වන අතර රැළි සහ සිහින් රේඛා වැනි වයසට යාමේ සලකුණු ද ඇති වේ. සජලීකරණයෙන් සිටීම හෙවත් ශරීරයට අවශ්‍ය තරමින් ජලය ලබා ගැනීමෙන් ඔබේ සමට මොයිස්චරයිසින් සහ සුනම්‍ය බවක් දැනේ.

නිරන්තර ව්‍යායාම කිරීම, සමබර ආහාර වේලක් සහ ප්‍රමාණවත් නින්දක් ඇතුළත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම ඔබේ සමේ දීප්තිය පාලනය කිරීමට උපකාරී වේ.

ඔබට නිවසේදී ස්වභාවිකව දීප්තිමත් සමක් ලබා ගත හැකි ආකාරය ගැන බලමු.


සම පැහැපත් කර ගැනීමට ස්වාභාවික ක්‍රම

1. කහ

කහ වල කර්කමින් (Curcumin) අඩංගු වන අතර එය මුහුණේ අඳුරුබව වැළැක්වීමට උපකාරී වන ජෛව සක්‍රීය සංයෝගකි. මෙම සංයෝග ඔබේ සමේ ටෝන් එක හෙවත් සමේ දීප්තිය එහි ස්වාභාවික දීප්තියට ගෙන එයි.

අවශ්‍ය ද්‍රව්‍ය
කහ කුඩු තේ හැන්දක්
මී පැණි තේ හැදි 1/2 ක්
කිරි හෝ යෝගට් තේ හැන්දක්

ක්‍රමය
කහ කුඩු, කිරි සහ හා මී පැණි බඳුනකට මිශ්‍ර කර පේස්ට් එකක් සාදා ගන්න.
මෙම පේස්ට් එක ඔබේ මුහුණට සහ බෙල්ලට ආලේප කර විනාඩි 15-20 අතර කාලයක් තබන්න.
ඉන් අනතුරුව වතුරෙන් හොඳින් සෝදන්න.
මෙම පිළියම සතියකට වරක් භාවිතා කළ හැකිය.

2. පොල්තෙල්

පොල්තෙල් වල ඇති ලෝරික් අම්ලයට මොයිස්චරයිසින් ගුණ හෙවත් සමේ තෙතමනය රඳවා ගැනීමේ ගුණ ඇත. මේ අනුව, පොල්තෙල් සම වියළිම වැළැක්වීමට සහ සමේ ටෝන් එක ( skin tone) දියුණු කිරීමට උපකාරී වේ.

අවශ්‍ය ද්‍රව්‍ය
පොල්තෙල් තේ හැන්දක්
මී පැණි තේ හැන්දක්
කිරි හෝ යෝගට් තේ හැන්දක්

ක්‍රමය
පොල්තෙල්, මී පැණි සහ යෝගට් භාජනයකට මිශ්‍ර කර පේස්ට් එකක් සාදන්න.
මෙම පේස්ට් එක ඔබේ මුහුණට සහ බෙල්ලට ආලේප කර විනාඩි 15 ක් තබන්න.
අනතුරුව පිරිසිදු වතුරෙන් හොඳින් සෝදන්න.
මෙය සතියකට දෙවරක් කළ හැකිය.

3. යෝගට්

යෝගට් ෆේස් මාස්ක් සමේ දීප්තිය, ප්‍රත්‍යාස්ථතාව සහ සමේ තෙතමනය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනී.

අවශ්‍ය ද්‍රව්‍ය
යෝගට් මේස හැදි 2
මී පැණි මේස හැඳි 1
ලෙමන් යුෂ මේස හැඳි 1

ක්‍රමය
බඳුනකට මී පැණි මේස හැන්දක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ යෝගට් මේස හැදි දෙකක් මිශ්‍ර කරන්න.
මෙම පේස්ට් එක ඔබේ මුහුණට සහ බෙල්ලට ආලේප කර විනාඩි 15-20 අතර කාලයක් තබන්න.
අනතුරුව මුහුණ හොඳින් සෝදන්න.
මෙම පේස්ට් එක සතියකට වරක් ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.

(අවවාදයයි: ලෙමන් සමහරුන්ගේ සමේ උද්දීපනයක් ඇති කරයි. එමනිසා මෙම පිළියම අත්හදා බැලීමට පෙර පැච් පරීක්ෂණයක් කිරීමට වග බලා ගන්න.)

4. අර්තාපල්

අර්තාපල් යුෂ වල ක්ෂාරීය ගුණ ඇති අතර එය විෂබීජ නාශක ක්‍රියාවලියක් සිදු කරන අතර ඔබේ සම පැහැපත් කරයි. එසේම මෙමගින් සමේ මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වේ.

අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් යුෂ මේස හැඳි 2 ක්
ලෙමන් යුෂ මේස හැඳි1
මී පැණි (ඔබට වියළි සමක් ඇත්නම්)

ක්‍රමය
අර්තාපල් යුෂ මේස හැඳි දෙකක් සහ ලෙමන් යුෂ මේස හැන්දක් මිශ්‍ර කරන්න. ඔබට වියළි සමක් ඇත්නම්, ඔබට මෙම මිශ්‍රණයට මී පැණි බින්දු දෙකක් හෝ තුනක් එකතු කළ හැකිය.
මෙය ඔබේ මුහුණට සහ බෙල්ලට ආලේප කර වියළී යන තෙක් තබන්න.
ඉන් අනතුරුව මුහුණ හොඳින් සෝදන්න.

මෙම පේස්ට් එක සතියකට දෙවරක් යොදන්න.

(අවවාදයයි: ලෙමන් සමහරුන්ගේ සමේ උද්දීපනයක් ඇති කරයි. එමනිසා මෙම පිළියම අත්හදා බැලීමට පෙර පැච් පරීක්ෂණයක් කිරීමට වග බලා ගන්න.




කහ,පොල්තෙල්,යෝගට්,අර්තාපල්

5. කෝමාරිකා

කෝමාරිකා වල කොලජන් සංශ්ලේෂණය උත්තේජනය කරන ග්ලූකොමැනන් (Glucomannan) සහ සජලන (Hydrate)ගුණ ඇති මියුකොපොලිසැකරයිඩ (Mucopolysaccharides) අඩංගු වේ. මෙය ඔබේ සම තෙතමනය හා දීප්තිමත් කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය
පිපිඤ්ඤා ගෙඩි 1යි
මී පැණි මේස හැඳි 1
කෝමාරිකා ජෙල්  මේස හැඳි 1

ක්‍රමය
උකුගතියෙන් යුතු පේස්ට් එකක් ලබා ගැනීම සඳහා පිපිඤ්ඤා ගෙඩියක බ්ලෙන්ඩර් කර ගන්න.
මීට කෝමාරිකා ජෙල් සහ මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
මෙම ෆේස් පැක් එක ඔබේ මුහුණට සහ බෙල්ලට ආලේප කර විනාඩි 20 ක් තබන්න.
අනතුරුව ඔබේ මුහුණ හොඳින් සෝදන්න.

මෙය සතියකට දෙවරක් කරන්න.

6. ලෙමන්

ලෙමන් යනු විටමින් සී වලින් පොහොසත් ප්‍රභවයකි. විටමින් සී වර්ණක විරෝධී ගුණ (anti-pigmentary) පෙන්වන අතර එමඟින් ඔබේ පැහැය වැඩි දියුණු කර ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය
ලෙමන් ගෙඩියක්
කපු පෑඩ්

ක්‍රමය
ලෙමන් යුෂ බඳුනකට මිරිකා ගන්න.
පිරිසිදු කපු පෑඩ් ආධාරයෙන් මෙම යුෂ ඔබේ මුහුණට ආලේප කරන්න.
මිනිත්තු 15-20 අතර කාලයක් තබන්න.
වතුරෙන් සෝදාහරින්න.

මෙය සතියකට එක් වරක් හෝ දෙවරක් කරන්න.

(අවවාදයයි: ලෙමන් සමහරුන්ගේ සමේ උද්දීපනයක් ඇති කරයි. එමනිසා මෙම පිළියම අත්හදා බැලීමට පෙර පැච් පරීක්ෂණයක් කිරීමට වග බලා ගන්න.)

7. පැපොල්

පැපොල් නිස්සාරණයෙන් සමේ කොලජන් නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සම අඳුරු පැහැගැන්වීම සහ රැළි වැටීම වැනි වයස්ගත වීමේ සලකුණු අඩු කිරීමටත් උපකාරී වේ. මිය ගිය සමේ සෛල ඉවත් කිරීමටද එය උපකාරී වන අතර එමඟින් ඔබේ සම දීප්තිමත් වේ.

අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු පැපොල් ගෙඩියක්
ලෙමන් ගෙඩියක්

ක්‍රමය
පැපොල් කපා අනතුරුව බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කර ඉස්ම සාදන්න.
ලෙමන් යුෂ මෙම ඉස්ම එකට මිරිකා ගන්න.
මෙම පේස්ට් එක ඔබේ මුහුණට ආලේප කර විනාඩි 10 ක් තබන්න.
වතුරෙන් මෙය සෝදාහරින්න.

මෙය සතියකට දෙවරක් කරන්න.

8. පිපිඤ්ඤා

පිපිඤ්ඤා යනු සම මොයිස්චරයිසින් කරන සහ ටයිරොසිනේස් ක්‍රියාකාරිත්වය වළක්වන (inhibit tyrosinase activity) ජෛව සක්‍රීය සංයෝගවලින් පොහොසත් ප්‍රභවයකි. මෙමගින් සමේ වර්ණක අඩු කර ඔබේ සමට ස්වභාවික දීප්තියක් ලබා දෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය
පිපිඤ්ඤා ගෙඩියක්
කෝමාරිකා ජෙල් මේස හැඳි1ක්

ක්‍රමය
පිපිඤ්ඤා භාගයක් කපා එය බ්ලෙන්ඩර් කර ගන්න.
කෝමාරිකා ජෙල් මේස හැන්දක් එකතු කර සිහින් පේස්ට් එකක් ලැබෙන තුරු එය මිශ්‍ර කරන්න.
මෙම පේස්ට් එක ඔබේ මුහුණට සහ බෙල්ලට ආලේප කර විනාඩි 10-15 අතර කාලයක් තබන්න.
වතුරෙන් මෙය සෝදා හරින්න.

ඔබට සතියකට වරක් මෙම ෆේස් පැක් එක භාවිතා කළ හැකිය.


කෝමාරිකා,ලෙමන්,පැපොල්,පිපිඤ්ඤා



9. මී පැණි

මී පැණි වල සම මෘදු කරන හා තෙතමනය රඳවාගන්නා ගුණ ඇත. එය ඔබේ සම තෙතමනය හා මෘදු කිරීම පමණක් නොව රැළි ඇතිවීම ප්‍රමාද කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය
ලෙමන් ගෙඩියක්
මී පැණි මේස හැඳි 1ක්

ක්‍රමය
යුෂ එකතු කිරීම සඳහා ලෙමන් මිරිකා ගන්න.
මේ සඳහා මී පැණි මේස හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
එය ඔබේ මුහුණට ආලේප කර විනාඩි 15-20 අතර කාලයක් තබන්න.
පිරිසිදු වතුරෙන් මෙය සෝදාහරින්න.

මෙය සතියකට දෙවරක් කරන්න.

10. හරිත තේ

හරිත තේ වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර එය ඔබේ සමේ ස්වාභාවික දීප්තිය යථා තත්වයට පත් කිරීමට උපකාරී වේ. හානිකර හිරු කිරණවලින් සම ආරක්ෂා කිරීමටද එය උපකාරී වේ.

අවශ්‍ය ද්‍රව්‍ය
හරිත තේ 1 තේ හැන්දක්
කහ කුඩු තේ හැඳි ¼
කඩල පිටි තේ හැන්දක්

ක්‍රමය
වතුර බින්දු කිහිපයක් සමඟ අමුද්රව්ය මිශ්‍රකර සිහින් පේස්ට් එකක් සාදන්න.
ඔබේ මුහුණේ සහ බෙල්ලේ පේස්ට් ආලේප කර විනාඩි 15 ක් පමණ තබන්න.
අනතුරුව වතුරෙන් මෙය සෝදාහරින්න.

ඔබට මෙය සතියකට වරක් කළ හැකිය.

11. කුංකුම

දිලිසෙන සම සඳහා නිවෙසේදීම කළ හැකි පිළියමක් ලෙස ලොව පුරා ජනයා කුංකුම බහුලව භාවිතා කරති. එය සම මොයිස්චරයිසින් කරන අතර හිරුගේ හානිකර පාරජම්බුල කිරණවලින් සම ආරක්ෂා කිරීමටද උපකාරී වේ.

අවශ්‍ය ද්‍රව්‍ය
කුංකුම කෙඳි 3-4
කිරි කෝප්ප ¼

ක්‍රමය
කුංකුම කෙඳි කිහිපයක් කිරිවල පොඟවා ගන්න.
පැය 2 ක් පමණ පොඟවා ගැනීමෙන් පසු එය ඔබේ මුහුණට සහ බෙල්ලට ආලේප කරන්න.
මිනිත්තු 10-15 කට පසු එය වතුරෙන් සෝදන්න.

මෙය සතියකට දෙවරක් කරන්න.

12. දොඩම් ලෙලි

දොඩම් ලෙලි වල පොලිපෙනෝල් (polyphenols), ටැනින් සහ ස්වාභාවිකව ඇති වන ප්‍රතිඔක්සිකාරක වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග අඩංගු වේ. සමේ අඳුරු බව වැනි වයසට යාමේ සලකුණු සමඟ සටන් කිරීමට මෙම සංයෝගවලට හැකි වන අතර සමට ස්වාභාවිකවම දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය
දොඩම් ලෙලි කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි ¼
මී පැණි තේ හැන්දක්

ක්‍රමය
දොඩම් ලෙලි කුඩු තේ හැන්දක් භාජනයකට ගෙන කහ කුඩු සහ මී පැණි එකතු කර සිහින් පේස්ට් එකක් සාදා ගන්න.
මෙම පේස්ට් එක ඔබේ මුහුණට ආලේප කර විනාඩි 5-10 අතර කාලයක් තබන්න.
රෝස වතුර හෝ මෘදු පිරිසිදුකාරකයක් භාවිතා කර මෙය සෝදාහරින්න.

ඔබට මෙම පිළියම සතියකට දෙවරක් කළ හැකිය.


මී පැණි,හරිත තේ,කුංකුම,දොඩම් ලෙලි කුඩු


ඉහත දක්වූයේ ස්වභාවිකව දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා පහසුවෙන් නිවසේදී අනුගමනය කළ හැකි පිළියම් ලැයිස්තුවකි.

මෙම පිළියම් වලට අමතරව, සමබර ආහාර වේලක් අනුගමනය කිරීමෙන් ඔබේ සමේ සෞඛ්‍යය නීරෝගීව පවත්වා ගැනීමට හැකිය. පහත දැක්වෙන ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කරන්න.

සම පැහැපත් කර ගැනීම සඳහා ඔබ අනුභව කළ යුතු ආහාර මොනවාද?


හරිත/කොළ එළවළු සහ විටමින් C බහුල පලතුරු නිරෝගී සමක් ඇති කිරීමට උපකාරී වේ.
යෝගට් සහ වෙනත් ප්‍රෝබියොටික් ඔබේ සමට මොයිස්චරයිසින් කිරීමට උපකාරී වේ. (ප්‍රෝබයෝටික් ගැන ඔබට ඉතාම වැදගත්වන ලිපි ඉදිරියේදී අපි පළකරනවා)
ඔබ සජලීකරණයෙන් සිටීම ඔබේ සමේ තෙතමනය හා නම්‍යශීලී බව සහතික කරයි. මේනිසා දිනකට අඩුම තරමින් වතුර ලීටර 2ක් පමන පානය කරන්න.

දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා කළ යුතු දෑ සහ නොකළ යුතු දේ


සැමවිටම ස්වාභාවික නිෂ්පාදන භාවිතා කරන්න:
අඩංගු අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනය ගැන පැහැදිලිව සඳහන් නොකරන්නාවූ නොයෙකුත් වෙළඳ නාමයන්ට නොරැවටෙන්න. රෝස වතුර, කඩල පිටි වැනි ස්වාභාවික නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඔබේ සමේ ස්වාභාවික දීප්තිය වැඩි දියුණු කළ හැකිය.

හොදින් ජලය පානය කරමින් සජලීව සිටින්න:
ඔබේ සමේ ස්වාභාවික දීප්තිය පවත්වා ගැනීම සඳහා මෙය වඩාත් වැදගත් හා ඵලදායී ක්‍රමයක් වේ. අවශ්‍ය තරම් ජලය පානය කිරීමෙන් ඔබේ සම නිරෝගී පෙනුමක් ලබා ගත හැකිය.


සන්ස්ක්‍රීම් යොදන්න: 
හිරු එළියට නිරාවරණයට පෙර හිරු ආවරණ ආලේප කිරීමෙන් ඔබේ සම රළු පාරජම්බුල කිරණවලින් ආරක්ෂා වන අතර අව් රශ්මිය නිසා සම පිච්චීම වළක්වයි.

ව්‍යායාම:
හොඳ ව්‍යායාම මගින් ඔබේ සමෙන් විෂ ඉවත් කර දීප්තිමත් පෙනුමක් ලබා ගත හැකිය.

මුහුණේ පිරිසිදුකාරකයක් භාවිතා කරන්න:
ඔබේ සමේ ඇති සිදුරු වලින් අපිරිසිදු හා දිලිසෙන ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මුහුණේ පිරිසිදුකාරකයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබේ සම වර්ගයට ගැලපෙන නිෂ්පාදනයක් භාවිතා කිරීමට වග බලා ගන්න.


මැරුණු සම ඉවත් කරන්න:
දීප්තිමත් පෙනුමක් ඇති කරගැනීම සඳහා මතුපිට මැරුණු සම ඉවත් කිරීම ප්‍රධාන වේ. ඔබේ සම පැහැපත් කරන විට, මිය ගිය සමේ සෛල හා සමේ සිදුරු අවහිර වන අපිරිසිදුකම ඉවත් කිරීම සඳහා ඔබේ මුහුණ මෘදු ලෙස සම්බාහනය කරන්න.

නොකළ යුතුයි

බහු රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා නොකරන්න:
ඔබ එක් වරම රූපලාවණ්‍ය නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මිලදී ගත හැකිය. මෙම නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය වලින් සකස් කර ඇති අතර ඔබේ සමට අහිතකර විය හැකිය. අඛණ්ඩව භාවිතා කිරීමෙන් ඔබේ සමේ ස්වාභාවික දීප්තිය නැති වී යා හැකිය.

රසායනික ෆේස් මාස්ක් භාවිතා නොකරන්න: 
අද වෙළඳපොලේ රසායනිකව සැකසූ මුහුණු ඇසුරුම් රාශියක් පිරී තිබේ. මෙම නිෂ්පාදන නිතිපතා භාවිතා කිරීම ඔබේ සමට හානිකර විය හැකිය.

ඔබේ මුහුණ ඕනෑවට වඩා ස්පර්ශ නොකරන්න: 
ඔබේ දෑතේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් ඇත. බ්ලැක් හෙඩ්ස් හෝ වයිට් හෙඩ්ස් ඇතිවීමට ඔබේ මුහුණ නිතර ස්පර්ශ කිරීම නිසා මුහුණට හුවමාරුවන අත් වල ඇති මෙම බැක්ටීරියා හේතු විය හැකිය.

අනවශ්‍ය පරිදි ඔබේ මුහුණ සෝදන්න එපා: 

පිරිසිදු කිරීම සඳහා ඔබේ මුහුණ සේදීම සෞඛ්‍ය සම්පන්න සමක් පවත්වා ගැනීම සඳහා හොඳ පියවරක් වන අතර, අධික ලෙස පිරිසිදු කිරීමෙන් එහි ස්වාභාවික තෙතමනය හා තෙල් ඉවත් කළ හැකිය. මෙය ඔබේ සම අඳුරු හා වියලි පෙනුමක් ඇති කරයි.

මීට සමගාමී ලිපි කියවන්න පහතින්


ඔබේ සම හඳුනාගනිමු


~ස්වාභාවික සුවය~ රූ රහස්~
(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්)

Comments

අපට ලියන්න

Name

Email *

Message *