1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

ඔබේ සම හඳුනාගනිමු

Skin Colours

අපිට සමෙහි ප්‍රධාන ආකාර හතරක් හඳුනාගන්න පුළුවන්.

🔸සාමාන්‍ය සම
🔸වියළි සම
🔸තෙල් සහිත සම
🔸මිශ්‍ර සම

ඒ වගේම ඇතැම් අවස්තාවලදී සංවේදී සම කියලත් තවත් ආකාරයක් වෙන්කරනවා.



සමෙහි විවිධත්වය


අපේ සම තීරණය වෙන්නේ අපේ ජාන අනුවයි. එහෙත් ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර සාධක මත සමෙහි තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාලයත් සමග සමෙහි සිදුවන වෙනස්කම් දක්වන්න පුලුවන්.

සමේ තත්ත්වය රඳා පැවතීමට සමෙහි ඇති ජල ප්‍රමාණය , ප්‍රත්‍යස්ථතාවය (Elasticity) විශේෂයෙන් බලපානවා.

ඔබ සම ගැන සැලකිලිමත් වෙනවා නම් ඔබේ සමේ වර්ගය හඳුනා ගැනීම වැදගත්. දැන් අපි බලමු එක් එක් ආකාරයේ සම හඳුනාගන්නේ කොහොමද කියලා


සමෙහි ප්‍රධාන ආකාර


🔷සාමාන්‍ය සම (Normal Skin)


සාමාන්‍ය කියන වචනයෙන් ම කියැවෙන වගේ වඩා නිරෝගීමත් සමබර සමක් මේ විදිහට හඳුන්වනවා. වඩා වියළි නොවූත් වඩා තෙල් ගතියක් නොවූත් ස්වභාවයක් මෙම සාමාන්‍ය සමෙහි දක්නට ලැබෙනවා. මෙම සමයෙහි සිදූරු යන්තම් පෙනෙන ස්වභාවයක් ගන්නවා.දැඩි සංවේදීතාවයක් නොමැති අතර ඇතැම්විට මිශ්‍ර සමක ලක්ෂණ පෙන්නන්න පුළුවන්. බොහෝ දෙනා මේ ආකාරයේ සාමාන්‍ය සමකට හිමිකම් කියනවා

සාමාන්‍ය සමක්

🔹සාමාන්‍ය සමක දක්නට ලැබෙන ලක්ෂණ

සමේ සිදුරු ක්‍රමානුකූලයි
හොඳ රුධිර සැපයුමක් ඇත
මෘදු/ සිනිඳු මතුපිටක් ඇත
පැහැපත් වර්ණයෙන් යුක්ත වේ
කඩතොලු නැත
අධි සංවේදී නොවේ.

සාමාන්‍යය නිරෝගී සමක් ඇති පුද්ගලයන් පවා වයසට යෑමේදී සම වියළි බවට හැරෙනවා.


🔷වියළි සම (Dry Skin)


සමෙහි නිපදවන තෙල් හෙවත් Sebum ප්‍රමාණය අඩු වූ විට වියළි සමක් ඇති වෙනවා. මෙහිදී සමෙහි තෙතමනය රඳවා ගැනීමට දායක වන මේද ස්ථරවල ද අඩුවක් ද දක්නට ලැබෙනවා. මේ නිසා බාහිර බලපෑම් වලින් ආරක්ෂා විම සඳහා සමයෙහි වෙනස්ම ආස්තරණයක් ඇතිවෙන්න පුළුවන්. සමෙහි වියළි ස්වභාවය අනුව මෙම මතුපිට ආස්තරණයේ රළු ස්වභාවය වැඩිවීමෙන් ඉරිතැලීම්, සිවියක් ලෙස ගැලවීම, කැසීම මෙන්ම කොර පොතු ගැලවෙන තත්වයක් දක්වා නරක අතට හැරෙන්න පුළුවන්.



වියළි සමක්


🔹වියළි සමග දක්නට ලැබෙන ලක්ෂණ

සමෙහි තෙත් ස්වභාවය අඩුය
සමේ සිදුරු කුඩාය
සමෙහි ප්‍රත්‍යස්ථතාවය අඩුය
සමෙහි රැලි ඇතිවේ
රළු ගතිය වැඩිය
සම තද ස්වභාවයක් දැනේ
කසන ගතියක් ඇත
යටිපතුල්වල සහ අත්ලෙහි පැලුම් ඇතිවේ
වියලි භාවය වැඩිවත්ම කොර පොතු ගැලවෙන ස්වභාවයක් ඇත

මෙවැනි සමක් ඇති අය තමන් භාවිතා කරන ආලේපන සහ සබන් ගැන සැලකිලිමත් විය යුතුය. රළු කාලගුණ තත්ත්වයන්ගෙන් සහ සූර්ය විකිරණ වලින් මෙවැනි සමක් ඇති අයට බලපෑම වැඩිය


🔷තෙල් සහිත සම (Oily Skin)


සාමාන්‍ය ස්වභාවයට වඩා වැඩිපුර සමෙන් තෙල් නිපදවෙන අයගේ සම, තෙල් සහිත සමක් ලෙසින් හඳුන්වනවා. මෙවැනි අයගේ සමෙහි ඇති සිදුරු වඩා විශාල වන අතර බ්ලැක් හෙඩ්ස්, කුරුලෑ සහ වෙනත් කැලැල් දකින්නට ලැබෙනවා. කාලගුණය අනුව සමෙහි ඇති තෙල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ආතතිය, හෝමෝන අසමතුලිතතා, තාපය හෝ ආර්ද්‍රතාවය නිසාද සමෙහි තෙල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒවගේම තෙල් සහිත සමක් ඇති අය ආහාර ගැනීමේදී පරිස්සම් වෙන්න ඕන. 


තෙල් සහිත සම


🔹තෙල් සහිත සමක දක්නට ලැබෙන ලක්ෂණ


වඩා විශාල සිදුරු සහිතයි
දිලිසෙන සුළු සමකි
ඝනකමින් වැඩි ලා පැහැති සමකි
බොහෝ විට කුරුලෑ දක්නට ලැබේ




🔷මිශ්‍ර සම ( Mixed Skin )


ඉහත දැක්වූ සාමාන්‍ය, වියළි, තෙල් සහිත සම්වල මිශ්‍රණයක් ලෙසින් මෙම මිශ්‍ර සම දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම මූනේ T කලාපය (T Zone) ලෙසින් හඳුන්වන නළල, නාසය, නිකට කොටසෙහි තෙල් සහිත සමකුත් කම්මුල් ආශ්‍රිතව වියළි සමකුත් හඳුනාගන්න පුළුවන්.


මිශ්‍ර සමක් පැතිරී ඇති ආකාරය


ජාන වලින් සමෙහි ව්‍යුහය තීරණය වූ ආකාරය පමණක් සමෙහි තත්ත්වයට බලපාන්නේ නැහැ.වයසටයත්ම හැම දෙනාගේම සම වෙනස් වෙනවා. සමහර බාහිර සහ අභ්‍යන්තර ශරීර සාධක සමේ ස්වභාවයට බලපානවා


▫️️කාලගුණික ස්වභාවය

▫️️වායුදූෂණය
▫️️වෙනත් රෝගවලට ලබා ගන්නා ඖෂධ
▫️️මානසික ආතතිය
▫️️භාවිතා කරන සබන් සහ ආලේපන
යන කරුණු සමෙහි  ස්වභාවයට බලපානවා.

~ස්වාභාවික සුවය~©

අවසරයෙන් තොරව උපුටාගැනීම තහනම්


Comments

අපට ලියන්න

Name

Email *

Message *