1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

ඔබ ස්වාභාවික රූපලාවන්‍ය ක්‍රමයට යොමුවිය යුත්තේ ඇයි...???

Cover

වර්තමානයේ ගොඩක් දෙනා සෞඛ්‍ය සම්බන්ධයෙන් කෘතිම දේවල් වලින් ඉවත් වෙලා ස්වාභාවික දේවල් වලට යොමුවෙන්න ලොකු ඇල්මක් ඇති වෙලා තියෙනවා. වස විෂවලින් තොරව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට අපි දැන් හුරු වෙමින් පවතිනවා. ඒත් අපි සමේ නිරෝගීභාවය ගැනත් මේ විදියටම හිතනවද?

සම කියන්නේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය. සමට යොදන දේවල් / ආලේපන සමේන් ඇඟට උරාගන්නවා. ඔබේ සමට භාවිතා කරන නිෂ්පාදන වල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය ගැන ඔබ සැලකිලිමත් නොවුණොත් ඇතැම් විට ඔබ හමට යොදන්නේ විස රසායනික වෙන්න පුළුවන්. අඩුම තරමේ ඔබ ඒ ගැන දන්නෙවත් නෑ. එහෙම වුනොත් පස්සෙ කාලෙකදි හමේ ඇති වෙන ගැටලු කොහොම ආවද කියලවත් හිතාගන්න බැරිවෙනවා.


මේ නිසා ස්වභාවික දේවල් සමට භාවිතා කරන්න ඔබට ගොඩක් හේතු තියෙනවා. මේ ස්වාභාවික දේවල් ඔබගේ සමට විතරක් නෙමෙයි පරිසරයටත් හිතකරයි. අපි ඒ ගැන පසුව කතා කරමු.


ඔබේ සමට යම් කිසි ආලේපනයක් තෝරා ගන්න කලින් සමහර කාරණා ගැන සොයලා බලන්න ඕන. ඒකට ඔබේ සමෙහි වර්ගය වියලි සමක්ද, තෙල් සහිත සමක් ද, මිශ්‍ර සමක්ද වගේ කාරණා බලන්න ඕනේ. ඒ ගැන දන්නෙ නැත්නම් සමෙහි වර්ගය හඳුනාගන්නා ආකාරය ගැන ලිපිය බලන්න. ඒ වගේම ආලේපනවල අඩංගු ද්‍රව්‍ය ගැන සොයලා බලන්න ඕන. මේ දේවල් හරියට බැලුවත් තව කාරණා තියෙනවා. සමහර විට ඒවායේ අඩංගු ද්‍රව්‍ය ඔබේ සමට අසාත්මිකතා ඇති කරන්න පුළුවන්. කලින් ඔබට යම්කිසි ආකාරයක ආසාත්මිකතාවක් තියෙනම් අලුත් ආලේපනයක් භාවිතා කරද්දිත් ආසාත්මිකතාවයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එකම ආලේපන වුනත් විවිධ පුද්ගලයන් තුළ විවිධාකාර ශරීරය ප්‍රතිචාර දක්වන්න පුළුවන්.


මේ දේවල් භාවිතා කරන්නන් විදියට ඔබට තමයි වගකීමක් තියෙන්නේ ඔබේ සමට භාවිතා කරන දේවල් ගැන නිවැරදිව තොරතුරු දැනගෙන භාවිතා කරන්න. රූපලාවණ්‍ය කර්මාන්තය විශාල වශයෙන් පාලනයකින් තොරව සිදුවන දෙයක්. ඇතැම් සමාගම් විසින් ඔවුන්ට අවශ්‍ය දේ පාරිභෝගිකයින් මුළාවට පත් කරමින් විකුණනවා.


මේ නිසා පාරිභෝගිකයින් විදියට ඔබගේ වගකීම තමයි මේවා ගැන නිවැරදි දැනුමක් ලබා ගන්න එක. පහතින් දක්වලා තියෙන්නේ රූපලාවන්ය ආලේපන වල ඇති හානි දායක වෙන්න පුළුවන් රසායනික සංයෝග.


රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු අහිතකර ද්‍රව්‍ය




Parabens - බැක්ටීරියා දිලීර වැනි ක්ෂුද්‍ර ජීවින් වර්ධනය වලක්වීම සඳහා ඇති පරිරක්ෂක ද්‍රව්‍යයි. නමුත් මෙමගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇත.

Fragrance - බොහෝ සමාගම් තමන්ගේ නිෂ්පාදන වල සුවඳ ඇති කිරීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ගැන පැහැදිලිව දක්වන්නෙ නැහැ. නමුත් මේවා සමෙහි ආසාදන ආසාත්මිකතා ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. සමහර පරීක්ෂණවලින් අනාවරණ වෙලා තියනවා මේවා මගින් ප්‍රජනක පද්ධතියට බලපෑම් ඇතිවන බව.


Triclosan - ක්ෂුද්‍ර ජීවීන් සඳහා ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි. නමුත් මෙය හෝමෝන පද්ධතියට ගැටලු ඇති කළ හැක. ඒ වගේම සමේ දැවිල්ල ඇති කරන්න පුළුවන්. ඇතැම් අධ්‍යයනවලින් යෝජනා කරලා තියෙනවා මෙමඟින් ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාව ගොඩ නැගෙන්න පුළුවන් කියලා.


Formaldehyde - මෙය පිළිකාකාරකයක් කියලා හොඳින්ම දැනගෙන සිටියත් සමහර ෂැම්පු, කන්ඩිෂනර් වල, Body Wash වල, Nail Polishes වල භාවිතා වෙනවා.


Toluene - මෙම සංයෝග රූපලාවන්‍ය නිෂ්පාදනවල Toluol , Benzene, Methyl benzene, Phenylmethane ලේසින් නම් කරල තියෙනවා. හිසකෙස් වර්ණ ගැන්වීමේ නිෂ්පාදන වන සහ නියපොතු වර්ණ ගැන්වීමේ නිෂ්පාදනවල මේවා නිරන්තරයෙන් අඩංගුවෙනවා. විශේෂයෙන් දරුවන් ලැබෙන ඉන්න මවුවරුන් මේවා භාවිතා නොකර ඉන්න ඕන. මොකද මේවා වර්ධනය වන කළලයට හානිය ඇති කරන්න පුළුවන්.


Phthalates - විවිධ වර්ගයේ Phthalates රූපලාවණ්‍ය කර්මාන්තයේ දී භාවිතා වෙනවා. මේවා ශරීරයේ ගල්වන ආලේපන වල, නියපොතු ආලේපන වල, හිසට යොදන නිෂ්පාදනවල සහ Perfume වල අඩංගු වෙනවා. මේවා මගින් පියයුරු පිළිකා ඇති වීමේ අවදානම ඉහළ නංවන අතර කුඩා ගැහැණු දරුවන්ගේ පියයුරු වර්ධනය කුඩා අවධියේම වැඩි කරයි. එසේම කළල ආබාධ ඇති කරයි.


Sodium Lauryl Sulphate (SLS) සහ Sodium Laureth Sulfate (SLEF) - මේවා බොහොමයක් පිරිසිදුකාරක වල අඩංගු වෙනවා. සමෙහි දැවිල්ල ඇති කරන්න පුළුවන් වගේම වෙනත් රසායනික සංයෝග සමඟ මිශ්‍ර වූ විට පිළිකා ඇති කිරීමේ හැකියාවක් තියෙනවා.

Harmful Chemical In Cosmetic Products



ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමේ වාසි අවාසි මොනවාද??


කෘතිම රූපලාවණ්‍ය නිෂ්පාදනය කිරීමේ දී  විෂ රසායන ද්‍රව්‍ය සහ බොහෝ අපද්‍රව්‍ය පරිසරයට නිදහස් වීම රහසක් නොවන බව හැමදෙනාම දන්නවා. ස්වභාවික රූපලාවන්‍ය ද්‍රව්‍ය පාරිභෝගිකයින් භාවිතා කිරීම නිසා පරිසරයටත් යහපතක් සිදුවෙනවා. කෘතිම රූපලාවණ්‍ය කර්මාන්තයේදී නිදහස් වන විෂ ද්‍රව්‍ය බොහෝ කාලයක් පරිසරයේ රැඳීමෙන් සිදුවිය හැකි බොහෝ අහිතකර ප්‍රතිඵල වළක්වා ගැනීමට ඔබටත් දායක වෙන්න පුළුවන්.

සාම්ප්‍රදායික රූපලාවණ්‍ය නිෂ්පාදනය වලින් සමෙහි දැවිල්ලක් ආසාත්මිකතාවයන්, සමෙහි ප්‍රදාහායන් ඇතිවෙන්න පුළුවන්. නමුත් ස්වාභාවික නිෂ්පාදන වලින් මේ තත්ත්වය ඉතා අවමයි.

ස්වාභාවික ද්‍රව්‍ය භාවිතා කිරීමේදී ඔබේ සම නියම ස්වාභාවික පෙනුමෙන් වගේම දැනීමෙනුත් බාහිරට පේන්න ගන්නවා. ඒවගේම සම ආරක්ෂාවෙනවා.
එසේම සමහර රූපලාවණ්‍ය ප්‍රතිකාර ඔබට ගෙදරදිම හදාගන්න පුලුවන්. ඒ නිසා මුදල් ඉතුරු කරගන්නත් ඔබට පුලුවන්.


Natural Treatments


ඊළග කොටස ස්වාභාවික ක්‍රමයක් සඳහා උපදෙස් යන මෙතැන දක්වා ඇති ලිපියෙන් ඔබ තවත් දැනගතයුතු දේවල් බලන්න පුලුවන්...

~ස්වාභාවික සුවය~ රූ රහස් ~
(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්)


Comments

අපට ලියන්න

Name

Email *

Message *