1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

ස්වාභාවික රූපලාවණ්‍ය ක්‍රමයක් සඳහා උපදෙස්

Cover 2
කලින් ලිපියෙන් ඔබ ස්වාභාවික රූපලාවණ්‍ය ක්‍රමයකට හුරුවිය යුතු ඇයිද යන්න බැලුවා. එහිදී විවිධ නිෂ්පාදනවල අඩංගු වෙන්න පුලුවන් රසායනික ගැනත් විස්තර දැනගත්තා. මෙම ලිපියෙන් තවත් උපදෙස් කිහිපයක් මෙලෙස විස්තර කරනවා.

🔹ඔබ භාවිතා කරන්න රූපලාවණ්‍ය නිෂ්පාදන ගැන හරියට දැනගන්න

මෙහිදී රූපලාවන්‍ය නිෂ්පාදන ලේබලය හොඳින් කියවන්න. එහිදී ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපද වූ නිශ්පාදනවලට යොමු වීම වඩා හොඳයි. ලේබලයේ සඳහන් වෙනවා නිෂ්පාදන සඳහා යොදාගත් අමුද්‍රව්‍ය හෝ නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය. ඒවා වැඩිම ප්‍රතිශතයකින් යුත් අමුද්‍රව්‍ය සිට අඩුවෙන් අමුද්‍රව්‍ය දක්වා පහළට ලයිස්තු ගතකරලා තියෙනවා.  සමහරවිට රෝස වතුර වලින් නිපදවූ Toner එකක් මිලදී ගැනීමේදී හි එහි අඩංගු වන රෝස වතුර ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවාටවඩා අඩු වෙන්න පුළුවන්. එහි ප්‍රතිශතය ලේබලයේ පහ්ළින්දක්වල තියෙනවනම්  ඔබට ඒ බව තේරෙනවා තේරුම් ගන්න පුලුවන්.

ඒ වගේම නිෂ්පාදනය ගැන කියෙවෙන ලේබලයේ විෂ රසායන ද්‍රව්‍ය අඩංගු ද කියලා බලන්න ඕන. විෂ රසායන සංයෝග අඩංගු නිෂ්පාදන වලින් වැළකෙනවා නම් වඩා හොඳයි. ඒවා ගැන කලින් ලිපියේ විස්තර අඩංගුවෙනවා. සමහර රසායනික ද්‍රව්‍ය ඔබට අඳුනා ගැනීමට අපහසු නම් වලින් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට විටමින් E වලට විද්‍යාත්මක කියන්නේ Tocopherol කියලා. ඉතින් ඒ වගේ රසායනික ද්‍රව්‍ය හරියට හඳුනාගන්න බැරි නම් අන්තර්ජාලයේ පරික්ෂා කරල විස්තර බලන්න.


Label


🔹අලුත් නිෂ්පාදන කීපයක් එකවර භාවිතයට ගන්න එපා


ස්වාභාවික නිෂ්පාදන වුනත් සමහර අයට ආසාත්මිකතා/ ඇලජික් ඇතිවෙන නිසා ස්වාභාවික අමුද්‍රව්‍ය අඩංගු අලුත් නිෂ්පාදන වුණත් එකවර භාවිතා කිරීම තරමක් අවදානම්. එහිදී අසාත්මිකතාවයක් (Allergic Reaction) ඇති වුණොත් අපිට හරියට අඳුනගන්න බැහැ කුමන සංයෝග නිසා එහි සිදු වුණා ද කියලා.මේ නිසා එක අලූත් නිෂ්පාදනයක් පමණක් එකවරකට භාවිතා කරන්න. ඉන් අනතුරුව දින කිහිපයකින් පසුව අනිත් නිෂ්පාදනය භාවිතා කරලා බලන්න පුළුවන්.
Beauty Products



🔹කහ වල වටිනාකම හඳුනා ගන්න


කහ කියන්නේ මෑතකාලීනව ඉතාම ජනප්‍රිය වුණු කුළුබඩුවක්. එහි ඇති ප්‍රබල ප්‍රතිප්‍රදාහක (Anti-inflammatory) ගුණ සහ විෂ නාශක ගුණ ඉතාම වැදගත් වෙනවා. එසේම සමෙහි නිරෝගි භාවය සම්බන්ධයෙන්, වයසට යාම පාලනය කිරීම, සම දීප්තිමත් කිරීම සහ සූරිය විකිරණයෙන් ආරක්ෂාව ලබාගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්.කහ වල ඇති ගුණ අතර ඔක්සිකරණය අඩුකිරීම සහ පටක සුව කිරීම (Tissue Healing) වර්ධනය කරගන්න පුළුවන්. එසේම කොලෙජන් නිපදවීමට දායක වීමටත් කහවලට පුළුවන්. මේ ගුණ දේශීය කහවලින් වැඩිපුර ලබා ගැනීමට හැකි බව මතක් කරනවා. ඒ සඳහා ඔබම ගෙවත්තේ කහ පැළ කිහිපයක වගා කරගන්නවානම් ගොඩක් වටිනවා.


Turmeric use


🔹කෝමාරිකා වල භාවිතයන් හඳුනාගන්න


කෝමාරිකා (Aloe Vera) කියන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි අංගයක් වෙලා. සූර්ය කිරණවලින් පිලිස්සීම වළක්වා ගැනීමටත්, සමෙහි වෙනත් ගැටළුවලටත් කෝමාරිකා භාවිතා  කරනවා. කෝමාරිකා වල විටමින්, ඇමයිනෝ අම්ල, ප්‍රතිඔක්සිකාරක සහ ඛණිජ මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. මෙහි අඩංගු ලෝක වලින් වලින් සම සුවපත් කිරීමටත් හැකියාවක් තියෙනවාසොරයිසිස් (Psoriasis) කැසීමේ රෝග (Eczema) කුරුලෑ, වියලි සමට සහ වයසට යාම පාලනයට බෙහෙවින් වැදගත් වෙනවා.
Aloe Vera


🔹ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර කෑමට එකතු කරගන්න


බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. නමුත් ආහාරවලින් අපට ඊට වඩා වටිනා ප්‍රතිඔක්සිකාරක ලබාගන්න පුළුවන්. එය සමට විතරක් නොවෙයි මුළු ශරීරයටම වාසිදායක ප්‍රතිඵල අත්කර දීමට සමත් වෙනවා. මුක්ත ඛණ්ඩක වැනි විෂ ද්‍රව්‍ය වලින් ශරීරයට සිදුවන හානි වලක්වා ගනිමින් ශරීරයේ නිරෝගීභාවය ආරක්ෂා කරන්න ප්‍රතිඔක්සිකාරක වැදගත් වෙනවා. 

අලිගැටපේර
ඇට වර්ග
බතල
බෙල්පෙපර්
බෙරි වර්ග
තක්කාලි
දෙළුම්
බ්‍රොකෝලි
ඩාර්ක් චොකලට්
ග්‍රීන් ටී

පැපොල්

වැනි ආහාරවල ප්‍රතිඔක්සිකාරක බහුල වෙනවා. ප්‍රති



Antioxidant Foods


🔹බයොටින් අඩංගු ආහාර ලබාගන්න


විටමින් H, විටමින් B7 වගේ නම් වලින් හඳුන්වන්නෙත් මේ බයෝටීන්ම තමයි. මේවා කෙරටීන් නිෂ්පාදනය ට වැදගත් වෙනවා. බයෝටීන් නියපොත, කොන්ඩය ශක්තිමත් කරනවාවැදගත් දෙයක් තමයි අනවශ්‍ය ප්‍රමාණයෙන් බයොටීන් ලබා ගන්න හොඳ නැහැ. දවසකට මයික්‍රොග්‍රෑම් 30ක් ප්‍රමාණවත් වෙනවා. බයෝටීන් Supplement එකක් විදිහට ගන්නවනම් අඩුම ප්‍රමාණයකින් ලබා ගන්න එක වඩා හොඳයි.


Biotin Foods


🔹ඔබටම සුදුසු ෆේස් මාස්ක් ( Face Mask) එකක් සහ හෙයාර් මාස්ක් (Hair Mask) එකක් භාවිතා කරන්න.


රූපලාවන්‍ය ගැන හරියට දැන ගත්තහම සුදුසු අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔබට වඩාත්ම ගැළපෙන Face Mask එකක් සහ Hair Mask එකක් ගෙදරදීම සාදාගන්න පුළුවන්.මේවා විවිධ අවශ්‍යතා සඳහා එක් එක් විදියට සාදාගන්න පුළුවන්. උදාහරණ කීපයක් පහතින් දක්වලා තියෙනවා.

▪️කුරුලෑ නැති වීමටත් පැහැපත් වීමටත් - යෝගට්, මීපැණි සහ කහ
▪️සමෙහි තෙතමනය පවත්වා ගැනීමට -කෙසෙල්, ඕට්මීල් (Oatmeal) සහ කිරි
▪️හානිවුනු හිසකෙස් වලට - ආමන්ඩ්, කිරි සහ පොල්තෙල්


Beauty Face Mask


🔹ස්වභාවික සබන් වර්ගයක් භාවිතා කරන්න


සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH) වැනි රසායනික යෙදූ සබන්වල සිට ස්වාභාවික ක්‍රමවේදයන්වලට නිපදවූ සබන් වර්ගයකටම හුවමාරුවීම ඉතාම වැදගත් කාරණාවක්. සාමාන්‍යයෙන් මෙවැනි සබන් නිපදවා ඇත්තේ ග්ලිසරින් (Glycerin) වලින්. එමගින් සම පිරිසිදු කිරීමටත්, තෙතමනය රඳවා ගැනීමටත් හැකියාව ලැබෙනවා. ස්වභාවික සබන් විවිධ අමුද්‍රව්‍ය වලින් නිපදවල තියෙනවා. ඔබේ සමට වඩාත් ගැලපෙන උද්දීපනයක් (Irritation) හෝ කැසීමක් (Eczema) ඇති නොකරන සබන් වර්ගයක් තෝරා ගන්න.


Natural Soap


🔹ඔබටම ගැලපෙන ස්ක්‍රබ් එකක් (Scrub) භාවිතා කරන්න


මැරුණු සම ඉවත් කිරීම සඳහා ඔබටම සාදාගත හැකි ස්ක්‍රබ් එකක් හඳුනාගන්න. මේ සඳහා ඔබ කැමති තෙල් වර්ගයක් (ඔලිව් තෙල්, පොල්තෙල් වැනි) එකතු කර ගන්නත් ඔබට පුළුවන්. ඒ වගේම Essential Oil එකක් උනත් එකතු කරගන්න පුලුවන් මෙසේ ඔබම සාදා ගත් ස්ක්‍රබ් එක හොඳින් සීල් තැබූ වීදුරු භාජනයක දමා ශීතකරණය තුල තබාගන්න.


Scrub


🔹සමේ තෙතමනය රඳවා ගැනීමට හොඳම වර්ගයේ පොල්තෙල් භාවිතා කරන්න


ඒ සඳහා භාවිතා කළ යුත්තේ Cold-Pressed   Extra Vergine වර්ගයේ පොල්තෙල්. මේවා සුපර් මාකට් වල මිලදී ගන්න පුලුවන්. මේවා නිපදවීමේදී අඩු උෂ්ණත්වයක් භාවිතා කිරීම නිසා ඒවායේ අඩංගු පෝෂ්‍යගුණ විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝරික් අම්ලය (Loric Acid) වැනි සංයෝග මගින් විසබීජ හරණයටත් ප්‍රදාහ තත්ත්වයන් අවම කිරීමටත් හැකියාව තියෙනවා. එසේම මෙම පොල්තෙල් ආහාරයටත් එක් කරගැනීම ඉතාම සෞඛ්‍යය ආරක්ෂිතයි


Coconut Oil



ඇත්තෙන්ම ස්වභාවික රූපලාවන්‍ය ක්‍රම වලට හුරු වීම ඔබගේ සෞඛ්‍යයටත් සමටත් ඉතාම හිතකරයි. විශේෂයෙන්ම ස්වාභාවික ක්‍රම මගින් අනිකුත් දීර්ඝකාලීන ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමටත් අවස්ථාව ලැබෙනවා. ඉදිරියේදී තවත් විස්තර ගෙන එන්නම්. මේවා ගැන නිවැරදි අධ්‍යයනයකින් ඔබටම සුදුසු රූපලාවන්‍ය ක්‍රමවේද ඔබටම් හඳුනාගන්න පුළුවන්.

~ස්වාභාවික සුවය~ රූ රහස්~

(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්)



Comments

අපට ලියන්න

Name

Email *

Message *