1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

හිසකෙස් වැටීම වැළැක්වීමට ඔලිව් තෙල් භාවිතා කරන ආකාරය


ඔලිව්තෙල් සත්කාර


හිසකෙස් ගැලවීයාම හෙවත් අකලට හිසකෙස් වැටීමට ප්‍රතිකාර කිරීම පහසු නැත. ඔබේ හිස පීරන සෑම විටකම පාහේ ඔබගේ පනාවට කෙස් ගස් බොහෝ ප්‍රමාණයක් ගැලවී එනවාද? දිනකට කෙස් ගස් 40 කට වැඩි ප්‍රමාණයක් ගැලවී යන්නේ නම් ඔබ හිසකෙස් ගැලවීයාමේ තත්ත්වයට මුහුණදී ඇත. මේ ගැටලුව නැති කර ගැනීමට ඔබ කොපමන රූපලාවණ්‍ය නිශ්පාදන ප්‍රමාණයක් භාවිතා කරාද? ඒවායේ ප්‍රතිඵ්ල කෙසේද?, මේ සඳහා ඔබට ස්වාභාවිකවම භාවිතා කළ හැකි විසඳුම් තියෙනවා. ඒ අතරින් එකක් තමයි ඔලිව් තෙල්! හිසකෙස් ගැලවීයාමට ප්‍රතිකාර ලෙස ඔලිව් තෙල් භාවිතා කරන්නේ කෙසේදැයි දැනගැනීමට දිගටම කියවන්න.

හිසකෙස් සඳහා ඔලිව් තෙල් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි

1. DHT නිෂ්පාදනය අඩු කරයි

හිසකෙස් ගැලවීයාමට ප්‍රධාන හේතුවක් වන්නේ ඩයිහයිඩ්‍රොටෙස්ටොස්ටෙරෝන් (Dihydrotestosterone) නිපදවීමයි. මෙම හෝමෝනය කෙස් මූලයන් දුර්වල කර හිසකෙස් ගැලවීයාමට හේතු වේ. ඔලිව් තෙල් වල ඔලෙයික් අම්ලය (oleic acid) අඩංගු වන අතර එය ටෙස්ටොස්ටෙරෝන්, DHT බවට පරිවර්තනය කරන එන්සයිමයක් වන 5-ඇල්ෆා රිඩෙක්ටේස් ( 5-alpha reductase) නිශේධනය කරයි. ඔලිව් තෙල් නිතිපතා භාවිතා කිරීම DHT නිෂ්පාදනය අවහිර කිරීමට සහ එමඟින් හිසකෙස් වැටීම අඩු කිරීමට උපකාරී වේ.

2. මුක්තඛණ්ඩ වලින් හානි සිදුවීම වළක්වයි

ඔලිව් තෙල්, ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වේ. මෙම ප්‍රතිඔක්සිකාරක මගින් හිස්කබලේ සහ හිසකෙස් වල නීරෝගීභාවය පවත්වා ගැනීමට සහ නිදහස් මුක්තඛණ්ඩ වලින් සිදුවන හානිවලින් ආරක්ෂා කරයි. නිදහස් මුක්තඛණ්ඩ යනු සෛල වල හානිවලට හේතුවන අස්ථායී අණු වේ. ප්‍රතිඔක්සිකාරක මගින් නිදහස් මුක්තඛණ්ඩ ස්ථාවර කිරීමෙන් හානිය වළක්වා ගැනීමට උපකාරී වේ.

3. හිසකෙස් පෝෂණය හා කන්ඩිෂන් කරයි

ඔලිව් තෙල් රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා අසංතෘප්ත මේද මගින් කෙස් පෝෂණය කරයි. එය හිසකෙස් වල තෙතමනය පවත්වා ගැනීමටත්, වියළි බව වළක්වා ගැනීමටත්, හිසකෙස් වඩාත් හොදින් හසුරුවා ගැනීමටත් එය උපකාරී වේ.

4. හිසකෙස් කැඩීයාම අඩු කරයි

ඔලිව් තෙල් වලින් හිසකෙස් වියළීම වළක්වන නිසා හිසකෙස් කැඩී යාම අඩු කිරීමෙන් ඔබේ හිසකෙස් ඝනකමින් යුක්තව හා විශාල ලෙස පෙනෙන ආකාරයට තබා ගැනීමට උපකාරී වේ. එසේම ඔලිව් තෙල් ඔමේගා -6 මේද අම්ල වලින් පොහොසත් නිසා එමගින් හිසකෙස් තෙත්ව සහ ශක්තිමත් කිරීම මගින් ඔබේ කොණ්ඩය ගැලවීයාම පාලනය කරනු ඇත.

5. හිස්කබලේ ගැටලු සමනය කරයි

ඔලිව් තෙල් මගින් හිස්කබලේ ඇතිවන කැසීම සහ හිස්සොරි වැනි ගැටළු සමනයවේ . හිසකෙස් ගැලවී යාමට ප්‍රධාන හේතු වන්නේ හිස්සොරි සහ කෙස් මූලයන්ගේ සිදුරු වැසුනු කෙස් ය.

6. හිසකෙස් වර්ධනයට ආධාර කරයි

ඔලිව් තෙල් හිසකෙස් වර්ධනයට උපකාරී වේ


ඔලිව් තෙල්


හිසකෙස් ගැලවීයාම වළක්වා ගැනීම සඳහා ඔලිව් තෙල් භාවිතා කළ හැකි ක්‍රම



හිසකෙස් ගැලවීයාම පාලනය සඳහා කුරුඳු, මී පැණි සහ ඔලිව් තෙල්

කුරුඳු හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. කුරුඳු තෙල්වල හිස්කබලට යෙදීමෙන් හිසකෙස් ගැලවීයාම අඩු වී හිසකෙස් වල දිග වැඩිවේ. මී පැණි සමඟ එක්වූ විට හිසකෙස් වල නීරෝගීභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර හිසකෙස් වල ශක්තිමත් බව හා වර්ධනය වැඩි කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය

කුරුඳු තේ හැදි 1
මී පැණි තේ හැදි 1
ඔලිව් තෙල් තේ හැදි 1
ෂවර් කැප් එකක් (Shower cap)

ක්‍රමය

ඉහත අමුද්‍රව්‍ය බඳුනකට එක්කර සුමට, ඒකාකාරී මිශ්‍රණයක් ලැබෙන තුරු මිශ්‍ර කරන්න.
මෙම මිශ්‍රණය ඔබේ හිසකෙස් වලට යොදන්න. හිස්කබලේ සිට ඔබේ කොණ්ඩයේ අග දක්වා එය ආලේප කරන්න.
මෙය විනාඩි 15 ක් පමණ තබන්න. ගැටලු වළක්වා ගැනීම සඳහා ෂවර් කැප් එකක් පළඳින්න.
මිනිත්තු 15 කින් පසු සිසිල් ජලය සහ සල්ෆේට් රහිත මෘදු ෂැම්පූ වර්ගයකින් හිසකෙස් සෝදා හරින්න.
සතියකට 1-2 වතාවක් මෙය භාවිතා කරන්න


ඔලිව් තෙල් ආලේපනය


හිසකෙස් වර්ධනය සඳහා සුදුළූණු සහ ඔලිව් තෙල්

අධ්‍යයනවලින් පෙනී යන්නේ සුදුළූණු වලින් හිසකෙස් වැටීම (ඇලෝපේෂියා) සඳහා කාර්යක්ෂමව ප්‍රතිකාර කළ හැකි බවයි

අවශ්‍ය ද්‍රව්‍ය

නැවුම් සුදුළූණු බිග් 10 ක්
ඔලිව් තෙල් කෝප්ප  1/4

ක්‍රමය

සුදුළූනු පොතු ඇර සුද්ද කර කර ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර බ්ලෙන්ඩරයකින් සිනිඳු පේස්ට් එකක් ලෙස අඹරා ගන්න.
ආලේපනය සඳහා මෙම පේස්ට් හැදි 2-3 ක් පමණ ගන්න.
ඔබේ හිස්කබලට පේස්ට් ආලේප කර ඉතිරි කොණ්ඩයට ආලේප කරන්න. ඔබේ හිස්කබලේ ආලේපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.
සුදුළූණු- ඔලිව් තෙල් මිශ්‍රණය මිනිත්තු 45 ක් පමණ තබා සිසිල්  ජලය සහ මෘදු ෂැම්පූ වර්ගයකින් (සල්ෆේට් රහිත) ඔබේ හිසකෙස් සෝදා හරින්න.
ඉතිරි සුදුළූණු සහ ඔලිව් තෙල් මිශ්‍රණය වාතය ඇතුලු නොවන සේ භාජනයක ගබඩා කර එය සිසිල් අඳුරු තැනක තබන්න.
සතියකට 2-3 වතාවක් මෙය භාවිතා කළ යුතුය

හිසකෙස් වැටීම සඳහා රෝස්මරී සහ ඔලිව් තෙල්

තෙල් සහිත හිසකෙස් ඇති අයට මෙය තවත් පරිපූර්ණ ප්‍රතිකාරයකි. 

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් තෙල් 2-3 තේ හැදි
රෝස්මරී තෙල්  බිංදු 3-4

ක්‍රමය

බඳුනකට මෙම තෙල් වර්ග දෙක එකතු කර රෝස්මරී-ඔලිව් තෙල් මිශ්‍රණයක් සාදන්න.
තරමක් උණුසුම් වන තෙක් තත්පර 30 ක් පමණ තෙල් රත් කරන්න.
තෙල් මිශ්‍රණය ඔබේ හිස්කබලට යොදා විනාඩි 15 ක් සම්බාහනය කරන්න.
ඔබේ හිස්කබල සම්බාහනය කිරීමෙන් පසු, මෙම තෙල් හිස්කබලට උරාගන්නා තෙක් ඔබේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ආවරණය කර තබන්න.
ඒ සඳහා ඔබේ හිසකෙස්වල තෙල් යොදා අමතර විනාඩි 30 ක් තබන්න.
ඔබේ හිසකෙස් සිසිල් ජලය සහ සල්ෆේට් රහිත මෘදු ෂැම්පූ එකකින් සෝදන්න.
සතියකට 2-3 වතාවක් මෙය සිදු කරන්න

හිසකෙස් ගැලවීයාම නැතිකිරීම සඳහා ඉඟුරු සහ ඔලිව් තෙල්

හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීම සඳහා ඉඟුරු සාම්ප්‍රදායිකව භාවිතා කර ඇත. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ඉඟුරු අඩංගු ඖෂධීය ගුණ හිසකෙස් වර්ධනයට දායක විය හැකි බවයි.

අවශ්‍ය ද්‍රව්‍ය
ඉඟුරු පේස්ට් තේ හැදි 1
ඔලිව් තෙල් තේ හැදි 1

ක්‍රමය

බඳුනකට ඉඟුරු පේස්ට් සහ ඔලිව් තෙල් මිශ්‍ර කරන්න.
මෙම මිශ්‍රණය ඔබේ හිස්කබලට යොදා ඔබේ ඇඟිලි තුඩු වලින් සම්බාහනය කරන්න.
රුධිර සංසරණය වැඩි කිරීම සඳහා මිනිත්තු 5 ක් සම්බාහනය කරන්න.
ඔබේ හිසකෙස් වලට උරා ගැනීම සඳහා විනාඩි 30 ක් තබන්න.
සිසිල් ජලය සහ සල්ෆේට් රහිත මෘදු ෂැම්පූ වර්ගයකින් සෝදාහරින්න.
සතියකට 2-3 වතාවක් මෙය සිදුකරන්න


ඔලිව් තෙල් ආලේපනය

හිසකෙස් ගැළවීයාම නතර කිරීම දුෂ්කර විය හැකි නමුත් වැඩිපුර සැලකිලිමත් වීමෙන් කෙස් වල ඝණකම යථා තත්වයට පත් කිරීම සහ හිසකෙස් වල ශක්තිය වැඩි දියුණු කිරීම කළ හැක. ඔලිව් තෙල් නිරෝගී හිසකෙස් වර්ධනයට උපකාරී වන නමුත් මෙම බලපෑම් සනාථ කිරීම සඳහා අධ්‍යයන නොමැත. එය ස්වාභාවික ප්‍රතිකාර විකල්පයක් බැවින් එය උත්සාහ කිරීමෙන් කිසිදු හානියක් නොමැත.
ඔලිව් තෙල් භාවිතා කිරීමේදී ඒ සඳහා හොඳම වර්ගයේ ඔලිව් තෙල් මිලදී ගත යුතුය. එය Extra-Virgin වර්ගයේ කාබනික නිෂ්පාදනයක් විය යුතුය. 

~ස්වාභාවික සුවය~ රූ රහස් ~
(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්)

Comments

අපට ලියන්න

Name

Email *

Message *