![]() |
| Acne |
ආහාර සහ කුරුලෑ අතර සම්බන්ධතාවය සෑම විටම විවාදයට ලක්ව ඇත. සමහර අධ්‍යයනවලින් කියැවෙන්නේ ආහාර සහ කුරුලෑ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, නිවැරදි පෝෂ්‍ය පදාර්ථ (හෝ ඒවායේ ඌනතාවය) අඩංගු ආහාරයට ගැනීමෙන් ඔබේ සමේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකි බව තහවුරු වී ඇත.
බොහෝ හේතු නිසා කුරුලෑ ඇතිවිය හැකි වුවද ආහාර ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
මෙම ලිපියෙන් අපි කුරුලෑ ඇතිවීමට හෝ තත්ත්වය උග්‍ර කිරීමට හේතු විය හැකි ප්‍රධාන ආහාර කිහිපයක් ගැන කතා කරනවා .
වැඩිපුරම කුරුලෑ ඇතිවීමට හේතු වන ආහාර
පිරිපහදු කළ ධාන්‍ය සහ සීනි
කිරි නිෂ්පාදන
ක්ෂණික ආහාර
ඔමේගා -6 මේද වැඩිපුර අඩංගු ආහාර
ඇතැම් මස් මාංශ
කෝපි/කැෆේන් සහ මධ්‍යසාර
ටින් කළ/ පෙර සැකසූ ආහාර
බදිනලද ආහාර
ශක්තිජනක බීම සහ කාබනේට බීම
පිරිපහදු කළ ධාන්‍ය සහ සීනි නිසා කුරුලෑ ඇතිවීම
සමහර පරීක්ෂණ වලින් හෙළි වූයේ කුරුලෑ ඇති අය කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන බවයි.තවද, කුරුලෑ ඇති බොහෝ අයට ඉන්සියුලින් වැනි වර්ධන සාධකය -1 (insulin-like growth factor-1) ඉහළ ප්‍රමාණයකින් ශරීරයේ ඇති බව අනාවරණය වෙලා තියෙනවා.
මෙය ස්නේහ ශ්‍රාව නිෂ්පාදනයට හේතු වන හෝමෝනයකි.
තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ නිතර සීනි ආහාරයට එක් කරගැනීම හෝ පැණි රස ආහාර ගැනීම නව යොවුන් වියේ දී කුරුලෑ වර්ධනයට හේතු විය හැකි බවයි .
පිරිපහදු කළ ධාන්‍ය සහ සීනි අඩංගු ආහාර:
සුදු සහල්
නූඩ්ල්ස්, පැස්ටා සහ සුදු පිටිවලින් සාදන ලද නූඩ්ල්ස්
පාන්, සමහර ධාන්‍ය වර්ග, කේක්, පේස්ට්රි සහ සුදු පිටිවලින් සාදන ලද කුකීස්
සීනි ප්‍රමාණය වැඩි පැණි බීම
මේපල් සිරප්, උක් සීනි වැනි රසකාරක
කිරි සහ කිරි නිෂ්පාදන
සමහර අධ්‍යයනයන් වලින් කුරුලෑ ඇතිවීම සහ කිරි ආහාර ගැනීම අතර සම්බන්ධතාවයක් ඇති බව සොයා ගන්නා ලදී.චීස් වැනි අනෙකුත් කිරි අඩංගු නිෂ්පාදන ද කුරුලෑ ඇති කරන බව සොයා ගන්නා ලදී.
කුරුලෑ ඇති පුද්ගලයින් සාපේක්ෂව වැඩි ග්ලයිසමික් අගයක් සහිත ආහාර අනුභව කරන බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. නිතර කිරි පානය සහ අයිස්ක්‍රීම් වැනි ආහාරද මෙලෙස කුරුලෑ ඇතිවීමට හේතුවේ.
කිරි සහ කිරි නිෂ්පාදන මගින් IGF-1 ප්‍රතිග්‍රාහක වැඩි කිරීම සහ ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ටජන් වැනි හෝමෝන නිපදවීම වැඩි කළ හැකිය. මේ නිසා කුරුලෑ ඇතිවීමට හේතු විය හැකි බව විශ්වාස කෙරේ.
ක්ෂණික ආහාර
නව යොවුන් වියේ දී කුරුලෑ ඇතිවීමේ ප්‍රවණතාව තක්සේරු කරන ලද අධ්‍යයනයන් වලින් හෙළිවී ඇත්තේ කුරුලෑ ඇති අයට සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු නොමැති බවයි.පර්යේෂකයන් නිගමනය කළේ මේද ආහාර, බර්ගර්, සොසේජස්, කේක්, පේස්ට්රි සහ වෙනත් පැණිරස කෑම වැනි ක්ෂණික ආහාර නිතර ආහාරයට ගැනීමෙන් කුරුලෑ ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බවයි.
ඔමේගා -6 මේද වැඩිපුර අඩංගු ආහාර
සාමාන්‍ය බටහිර ආහාර වේලක ඔමේගා -6 මේද අම්ල ඉහළ මට්ටමක පවතින අතර ඔමේගා -3 අඩු මට්ටමක පවතී.ඔමේගා -6 මේද අම්ල එළවළු තෙල් සහ ඇතැම් පිසින තෙල් වල දක්නට ලැබෙන අතර බොහෝ සැකසූ ආහාර මෙම තෙල්වලින් සකස් කරනවා.
නමුත් ඔමේගා -6 මේද අඩංගු ආහාර ගැනීමෙන් වැලකීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට සැකසූ ආහාර සහ එළවළු තෙල් වලින් සාදන ලද ආහාර පරිභෝජනය පාලනය කළ හැකිය.
එසේම ඔමේගා -6 මේද අම්ල අඩු තෙල් තෝරන්න. උදාහරණ විදියට ඔලිව් තෙල්, පොල්තෙල් දක්වන්න පුලුවන්. සූරියකාන්ත තෙල්, සෝයා බෝංචි තෙල් වැනි ඔමේගා -6 මේද අම්ල අධික තෙල් ගැනීමෙන් වළකින්න.
මස් මාංශ
සතුන්ගේ වර්ධන වේගය වැඩි කිරීම සඳහා ස්වාභාවික හෝ කෘතිම ස්ටෙරොයිඩ් හෝමෝන එන්නත් කිරීම (ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන්) බොහෝ විට සිදුවේ.මෙය සිදු කරනුයේ මෙම සතුන් මිනිස් පරිභෝජනය සඳහා ඉක්මනින් වර්ධනය කිරීම සඳහා වන අතර එය ඇමරිකාවේ FDA ආයතනයෙන් විසින් අනුමත කර ඇත.
නමුත් එවැනි මස් පරිභෝජනය කිරීමෙන් ඇන්ඩ්‍රොජන් හා ඉන්සියුලින් වැනි වර්ධන සාධකය -1 (IGF-1) වල ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසා කුරුලෑ ඇති විය හැක.
කෝපි/කැෆේන් සහ මධ්‍යසාර
පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ කෝපි මගින් ඉන්සියුලින් සංවේදීතාව අඩු කරන බවයි. මෙයින් අදහස් කරන්නේ ඔබ කෝපි පානය කිරීමෙන් පසු ඔබේ රුධිරයේ සීනි මට්ටම වෙනදාට වඩා වැඩි කාලයක් පවතින බවයි.මෙය සමේ ප්‍රදාහයන් වැඩි කර ඔබේ කුරුලෑ නරක අතට හැරීමට හේතුවිය හැකියි. එසේම මධ්‍යසාර වලින්ද කුරුලෑ වර්ධනය වන බව සොයාගෙන ඇත.
ටින් කළ ආහාර
ශීත කළ, ටින් කළ සහ පෙර පිසූ ආහාර සැකසූ ආහාර වල බොහෝ විට රසකාරක, තෙල්, කුළුබඩු සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය වැනි අමතර අමුද්‍රව්‍ය අඩංගු වේ.මෙලෙස ඉක්මනින් කෑමට සූදානම් කරන ලද ටින් කල ආහාර සාමාන්‍යයෙන් අධික ලෙස සැකසූ ලෙස සකස් කර ඇති අතර ඒවා කුරුලෑ ඇති වීමට හේතුවිය හැකිය.
බදින ලද ආහාර
තෙල්වල බදින ලද ආහාර අර්තාපල් චිප්ස්, බයිට් වර්ග, බර්ගර් සහ වෙනත් බැදපු හා සැකසූ ආහාර නිසාද කුරුලෑ ඇති විය හැක.මේවා බොහෝවිට ඉහළ ග්ලයිසමික් අයගකින් යුක්තවන අතර ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉක්මණින් ඉහළ නංවා කුරුලෑ ඇතිවීමට හේතුවේ.
ශක්තිජනක බීම සහ කාබනේට බීම
ශක්තිජනක බීම සහ කාබනේට් සිසිල් බීම වල සීනි මට්ටම ඉහළ මට්ටමක පවතින අතර රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉක්මනින්ම වැඩි කළ හැකිය. මේ නිසා ඉක්මනින් කුරුලෑ ඇතිවීමේ හැකියාවක් ඇත.එබැවින් අධික සීනි ශක්තිජනක පාන සහ සිසිල් බීම පානය කිරීමෙන් වළකින්න.

Comments
Post a Comment