1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

ඔබ ස්වාභාවික ෂැම්පු වර්ගයක් තෝරාගතයුත්තේ ඇයි???





Cover

ඔබ හිසට යොදන ෂැම්පූ එකෙන් හිසකෙස් වලට ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා නේද? ඒත් ඔබ දන්නවද වාණිජ වශයෙන් වෙළඳ පොලේ විකුණන තියෙන ෂැම්පූවලින් ඔබගේ කොන්ඩයට ඔබ බලාපොරොත්තු වුන තරම් හොඳක් වෙන්නේ නැහැ කියලා.

ඔබ මීට කලින් හොයල තියෙනවද භාවිතා කරන ෂැම්පූ එකේ අඩංගු වන ද්‍රව්‍ය ගැන? අපිට පෙන්වා දෙන්න පුලුවන් එහි අන්තර්ගත වෙන්න පුළුවන් හානිකර රසායනික ද්‍රව්‍ය බොහොමයක්. ඒවා ඔබේ කෙස් කළඹට හොඳකට වඩා සිදුකරන්නේ නරකක්. මේ වන විට මේවා ගැන හොයා බලන පරිණත කාන්තාවන් ස්වාභාවික ෂැම්පු වර්ග තෝරගන්න වැඩි අවධානයක් යොමු කරනවා.



Natural Bath??

ඔබ සමහර විට කල්පනා කරනවා ඇති කුමන ෂැම්පු වර්ගද ඔබට තෝරා ගැනීමට අවශ්‍ය කියලා. අපි ඒ ගැන කතා කරමු.


ස්වාභාවික ෂැම්පු කියන්නේ මොනවාද?


ෂැම්පු වර්ග නිෂ්පාදකයින් වෙළඳ ප්‍රචාරණය සඳහා යොදා ගන්නා ඇතැම් වචන සමහරවිට තේරුම්ගැනීමට අපහසුයි. සමහර වෙලාවට "ස්වභාවික ෂැම්පු" කියලා තියෙනවා වගේම "සම්පූර්ණ ස්වාභාවික" කියලත් සමහර වෙලාවට දැකගන්න පුළුවන්.

ස්වභාවික ෂැම්පු බොහෝවිට ශාක ශාරමය පදනමකින් යුක්ත වෙනවා.
උදාහරණ විදිහට :


දෙහි යුෂ
පොල්තෙල්

කෝමාරිකා
ඔලිව් තෙල්

පහුගිය කාලේ පුරාවට කාන්තාවන් බොහෝ දෙනෙක් හඳුනාගෙන තියෙනවා කෘතිමව නිෂ්පාදනය කළ එම නැත්නම් පෙට්‍රෝලියම් (Petroleum) මූලික කරගත්   සංයෝග වලින් නිපදවන ෂැම්පු හොඳ තේරීමක් නෙවෙයි කියලා.

බොහෝවිට ආසාත්මිකතා (Allergic Reaction) ඇතිවීමත්, විෂ සංයෝග අඩංගු වීමත්, පරිසරයට අහිතකර වීමත් නිසා කෘතීම ෂැම්පු භාවිතයෙන් ඉවත් වී ස්වාභාවික ෂැම්පු වලට ඔවුන් යොමු වුණා.

එවැනි ස්වාභාවික නිෂ්පාදන දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා. නිවැරැදි ෂැම්පු වර්ගයක් තෝරා ගැනීම තමයි ඊලගට කරන්න ඕන දේ



ඔබට ගැළපෙන ස්වභාවික ෂැම්පු වර්ගය තෝරා ගන්නේ කොහොමද

Natural Shampoo

මුලින්ම නිෂ්පාදනයක් තෝරා ගැනීමේදී ස්වභාවික ලේබලය තියෙනවද කියලා බලන්න ඕන. හැබැයි සමහර නිෂ්පාදන වල ස්වාභාවික අමුද්‍රව්‍ය සංශුද්ධ විදිහටම නැති වෙන්න පුළුවන්. ඒ වුනත් අඩුම තරමින් ස්වාභාවික ශාකසාර වල අඩංගු ස්වාභාවික සංයෝග (Natural Chemical) විදියට තියෙන්න පුළුවන්. හැබැයි වඩාත්ම හොඳ ස්වාභාවික ද්‍රව්‍ය වලින් ම නිපදවපු ෂැම්පු එකක් තෝරා ගැනීමයි.

ස්වාභාවික සංයෝග සඳහා උදාහරණ


Glycol distearate -එළවළු තෙල් වෙනුවට
Citric acid - දෙහි යුෂ වෙනුවට

ලෙසින් අන්තර්ගත රසායනික සංයෝග දක්වලා තියෙන්න පුළුවන්


හැබැයි කෝමාරිකා, දෙහි යුෂ වගේ ලේබල් තිබ්බොත් නම් පාරිභෝගිකයාට තේරුම්ගන්න පහසුයි. මේ වගේ සෞඛ්‍යාරක්ෂිත ෂැම්පු වර්ගයක් ස්වාභාවික සංයෝග ( Processed ingrediants) සහ ස්වාභාවික ද්‍රව්‍ය (Pure ingrediants) දෙවර්ගයම එකතු කරලා නිෂ්පාදනය කරලා තියෙන්නත් පුළුවන්.නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙහෙම කරලා තියෙන්නේ මෙම සංයෝග වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට සහ ඒවා වඩා ස්ථායී කිරීමට වෙන්න පුළුවන්.

ඒ වගේම ස්වාභාවික ෂැම්පු වලත් වඩා හොදම ෂැම්පු වර්ගය ඕගනික් (Organic ) හෙවත් කාබනික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ ෂැම්පු වේ. මේවායේ ශාක අමුද්‍රව්‍ය වලට යොදන වස විස පවා අඩංගු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් 100%ක්ම කාබනික ෂැම්පු නම් ලෝකෙ කොහෙවත් හොයන්න නැහැ. නමුත් ඔබ මේ දේවල් ගැන යම්කිසි දැනුවත්භාවයකින් යුක්ත වෙන්න ඕන.

ඒවගේම ඔබ ෂැම්පු වර්ගයක් තෝරාගන්න කලින් ඔබගේ කොන්ඩයේ ස්වභාවයත් හඳුනාගෙන ඉන්න ඕන.

ස්වාභාවික ෂැම්පු

ස්වාභාවික ෂැම්පු වල වාසි


සාමාන්‍යයෙන් ස්වාභාවික ෂැම්පුවල සම්පූර්ණ වාසි ලබාගන්න නම් තරමක කාලයක් පාවිච්චි කරන්න වෙනවා. මෙහෙම කාලයක් භාවිතා කරනකොට හිසකෙස් වල ස්වභාවයේ සහ පෙනුමේ වර්ධනයක් දකින්න පුළුවන්. 


🔹පරිසරයේ යහ පැවැත්මට උපකාරී වෙනවා

ස්වභාවික ෂැම්පු නිපදවන්නේ බොහොමයක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. Petroleum වල අතුරු ඵල වලින් මෙම නිෂ්පාදනය වෙන්නැති නිසා ස්වාභාවික නිෂ්පාදනයන් වලින් පරිසරයට එකතුවන විෂ රසායන ද්‍රව්‍ය ද අවම වෙනවා.ඒවගේම ඔබ ෂැම්පු භාවිතා කිරීමෙන් පසුව සෝදා හැරීමෙන් පරිසරයට එකතු වෙන්නේ වස විසෙන් තොර ස්වභාවිකවම ලබා ගත් අමුද්‍රව්‍ය වලින් නිපදවුණු දියරයක්. මේ නිසා පරිසරයට සිදුවන හානිය අවම වෙනවා.

🔹නිරෝගීමත් කෙස් කලඹකට හේතු වෙනවා

ස්වාභාවික ෂැම්පු වල අඩංගු වන්නේ ස්වාභාවික කාබනික රසායනික ද්‍රව්‍ය. මේවායේ විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක කෙස් ගස් සමග වඩා ස්වාභාවික ආකාරයකින් ක්‍රියා කරනවා.කාලයක් භාවිතා කිරීමෙන් ඒ වෙනස ඔබට හොඳින් හඳුනාගන්න පුළුවන්.


🔹කෙස් ගස් ශක්තිමත් කරනවා

දුර්වල කෙස් ගස් ඉක්මනින් කැඩීමට හෝ පැලීමට ලක්වෙනවා. සාමාන්‍ය ෂැම්පු කාලයක් භාවිතයේදී ඒවායේ අඩංගු විෂ රසායන මඟින් කෙස් ගස් දුර්වල කරනවා. නමුත් ස්වාභාවික ෂැම්පු වල අඩංගු ස්වාභාවික රසායනික  මඟින් කෙස් ගස් වල ශක්තිමත්භාවය වැඩි කරන්න පුළුවන්. මේ නිසා කෙස් ගස් කැඩී යාමෙන් වැළකීම වගේම තාප ප්‍රතිකාරක ( Heat treatment) වලට පවා ඔරොත්තු දෙනවා

🔹සමෙහි දැවිල්ල / උද්දීපනය (Irritation) අවම කරනවා

සමෙහි ඇති උද්දීපනය වඩාත්ම හොඳින් බලාගන්න පුළුවන් වෙන්නේ සංවේදී සමක් ඇති අයට. නමුත් අහිතකර රසායනික ද්‍රව්‍ය ඔබේ සමේ පැවරුව පැවරුවොත් අනිවාර්යයෙන්ම යම්කිසි ප්‍රමාණයකට මේ උද්දීපනයක් සමේ ඇති වෙනවා. සමහර ස්වාභාවික ද්‍රව්‍ය වලට ආසාත්මිකතා ඇති අය ඇරෙන්න අනිත් හැම දෙනාටම ස්වභාවික ෂැම්පු කාලයක් භාවිතා කිරීමෙන් වෙනස දැනෙනවා. 

🔹හිසකෙස් වල වර්ධනය වැඩි කරනවා

ස්වාභාවික ෂැම්පු වල අඩංගු ස්වාභාවික ද්‍රව්‍ය හිස් කබලේ ඇති හිසකෙස් මූලයන්ගේ වර්ධනය වැඩි කරනවා. එමගින් සිදුවන්නේ හරියට හිසකෙස් ප්‍රතිසංස්කරණයට ලක් වීමක් වගේ දෙයක්. ඒ නිසා කෙස්ගස් වර්ධනය වැඩි කරනවා. උප්පත්තියෙන්ම සිහින් කොණ්ඩයක් ඇති අයගේ කොණ්ඩය ගනවීමක් නම් සිදුවෙන්නේ නැහැ. එහෙත් කාලයත් සමග කොණ්ඩය සිහින් වුනු අයගෙ වෙනස දැක ගන්න පුළුවන්. 

🔹කෙස් වල අඩංගු ස්වාභාවික ද්‍රව්‍ය හායනය වලක්වනවා

සාමාන්‍ය ෂැම්පු වල අඩංගු රයනික ද්‍රව්‍ය මඟින් කෙස්වල ස්වභාවයෙන්ම අඩංගු තෙල් ඉවත් කරනවා. නමුත් ස්වාභාවික ෂැම්පු මගින් එසේ තෙල් ඉවත් කිරීමක් සිදුවෙන්නේ නැහැ. මේ නිසා කෙස් වල තෙල් ගතිය රැඳී පවතිනවා. එමගින් කෙස් කළඹේ දීප්තිය සහ ශක්තිමත් භාවය ආරක්ෂා වෙනවා.


🔹සැර ගන්ධයක් වහනය වෙන්නේ නැහැ

ස්වාභාවික ෂැම්පු වල වැඩි වෙලාවක් පවතින සැර ගන්ධයක් නැහැ. ඇතැම්විට සුවඳක් ලබාගැනීමට පමණක් නිෂ්පාදකයින් බාහිරින් යම් ද්‍රව්‍යයක් එකතු කරන්න පුළුවන්. ඒකට හේතු වන්නේ පාරිභෝගිකයින් ෂැම්පු වල සුවඳ ගැන සැලකිලිමත් වන නිසයි.


Bathing with Shampoo


විවිධ වර්ගයේ හිසකෙස් වලට ගැලපෙන ෂැම්පු වර්ගය තෝරාගන්නා ආකාරය ඉදිරියේදී බලමු.


~ස්වාභාවික සුවය ~ රූ රහස්~(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්)

Comments

අපට ලියන්න

Name

Email *

Message *