1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

සඳුන් වලින් විවිධ වර්ගයේ සමට ගැලපෙන ෆෙස් පැක්



Sandalwood Cover


විවිධ කටයුතු සඳහා සඳුන් භාවිතය ලොව පුරා වසර දහසකටත් වඩා පැරණි අතීතයකට දිවයනවා.
ඊජිප්තුවරුන් ඔවුන්ගේ දෙවිවරුන්ට ගෞරව කිරීම සඳහා සඳුන් දැව භාවිතා කළ අතර ඉන්දියාවේ ද නිරන්තරයෙන් රූපලාවණ්‍ය සඳහා මෙන්ම සුවිශේෂ පුද්ගලයින්ගේ ආදාහන කටයුතු වලටද සඳුන් භාවිතා කර ඇත.
සුවඳ විලවුන් හා සබන් ස්වරූපයෙන් රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක් ලෙසද එය බහුලව භාවිතා විය. එය තවමත් එතරම් ජනප්‍රිය වීමට හේතුවක් තිබේ. එය සැබවින්ම විශිෂ්ට ගුණ සහිත ස්වාභාවික අමුද්‍රව්‍යයකි.
ඔබේ රූපලාවණ්‍ය ක්‍රමයට සඳුන් ඇතුළත් කරන්නේ කෙසේදැයි දැන ගැනීමට කියවන්න.

වියළි සම සඳහා
සඳුන් සහ කිරි ෆේස් පැක්
සඳුන්, පොල් තෙල් සහ ආමන්ඩ් ඔයිල් ෆේස් පැක්

තෙල් සහිත සම සඳහා
සඳුන්, තක්කාලි යුෂ සහ ෆුලර්ස් අර්ත් ෆේස් පැක්
සඳුන් සහ දොඩම් ෆේස් පැක්

රැළි සහිත සම සඳහා
සඳුන්, ලෙමන් සහ ෆුලර්ස් අර්ත් ෆේස් පැක්

කුරුලෑ ඇති සම සඳහා
සඳුන්, කහ සහ කැම්පර් ෆේස් පැක්
සඳුන් සහ මී පැණි ෆේස් පැක්

අඳුරු සම සඳහා
සඳුන්, කඩල පිටි සහ කහ ෆේස් පැක්
සඳුන්, මී කිරි සහ මී පැණි ෆේස් පැක්

කැළැල් සඳහා
සඳුන් සහ රෝස වතුර ෆේස් පැක්

මේ අනුව විවිධ වර්ගයේ සමට ගැලපෙන එක් එක් වර්ගයේ සඳුන් ෆේස් පැක් ගැන විස්තරාත්මකව සාකච්ඡා කරමු.


Face Pack


වියළි සම සඳහා සඳුන් ෆේස් පැක්


වියළි සම ඇති බොහෝ දෙනා ඊට අකමැති වන අතර එය ඔවුන්ට පීඩාකාරී වෙනවා. වියළි සම අඳුරු පෙනුමක් ගන්නවා පමණක් නොව වයස්ගත පෙනුමකින්ද යුක්‍තයි. 
ඒත් ඔබට මෙම සඳුන් ෆේස් පැක් එක භාවිතයෙන් ඔබේ වියළි සම පැහැපත් කර ගත හැකිය.

වියළි සම සඳහා කිරි සහ සඳුන් ෆේස් පැක් 

වඩා හොඳ ප්‍රතිපල සඳහා සතියකට තුන් වරක් මෙම ෆේස් පැක් භාවිතා කරන්න. 
ඔබේ සමේ ස්වාභාවික pH අගය සමතුලිතතාවය යථා තත්වයට පත් කිරීම සඳහා සඳුන්, කිරි සහ රෝස වතුර වලින් ක්‍රියාකරනු ඇත. 
මෙය සමේ වියළි ස්වභාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරයි.

🔹අමුද්රව්ය
සඳුන් තෙල්
කිරිපිටි තේ හැන්දක ප්‍රමාණයක්
රෝස වතුර

🔹සකස් කරගන්නා ආකාරය
බඳුනකට කිරිපිටි දමා ඊට සඳුන් තෙල් බින්දු කිහිපයක් එක් කරන්න.
පේස්ට් සෑදීමට අවශ්‍ය තරම් රෝස වතුර එක් කරන්න.
ඔබේ මුහුණේ සහ බෙල්ලේ මෙම පේස්ට් එක ආලේප කර විනාඩි 15-20 අතර කාලයක් වියළීමට තබන්න.
සිසිල් ජලයෙන් සෝදා හරින්න. ඉන් පසු මොයිස්චරයිස් කරන්න.

වියළි සම සඳහා පොල් තෙල්, ආමන්ඩ් තෙල් සහ සඳුන් ෆේස් පැක්

පොල් හා ආමන්ඩ් තෙල්, සඳුන් සමඟ සංයෝජනය වන විට සමට තෙතමනය ඇති කිරීමටත්, වියළි බව නිසා සිදුවන පිළිස්සීම් වලක්වා ගැනීමටත් උපකාරී වේ.

🔹අමුද්රව්ය
සඳුන් කුඩු 1 තේ හැන්දක්
පොල්තෙල් 1/4 තේ හැන්දක්
ආමන්ඩ් තෙල් 1/4 තේ හැන්දක් 
රෝස වතුර

🔹සකස් කරගන්නා ආකාරය
සඳුන් කුඩු පොල්තෙල් හා ආමන්ඩ් තෙල් සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න
අවශ්‍ය තරමට රෝස වතුර බින්දු කිහිපයක් එක් කරන්න.
මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
මෙම පැක් එක විනාඩි 15 සිට 20 පමණ තබා වතුරෙන් සෝදා හරින්න.


Sandalwood Powder

තෙල් සහිත සම සඳහා සඳුන් ෆේස් පැක්


වියළි බව සහ තෙල් ගතිය යන දෙකටම සඳුන් ආලේපනය ගැලපීම තරමක් විශ්මය ජනකයි නේද?
අමුද්‍රව්‍ය තරමක් වෙනස් කරමින් සමේ වියලි බව පාලනය කරන ෆේස් පැක් එකම තෙල් පාලකයක් ලෙස ක්‍රියා කරවන්න පුලුවන්.

තෙල් සහිත සම සඳහා තක්කාලි යුෂ, ෆුලර්ස් අර්ත් සහ සඳුන් ෆේස් පැක්

සෑම දිනකම මෙම ෆේස් පැක් එක භාවිතා කිරීම මගින් සමේ ඇති අතිරික්ත තෙල්  ඉවත් කර සම පිරිසිදු කරගන්න පුලුවන්.
මෙම ෆේස් පැක් එක ෆේස් වොෂ් සඳහාද විකල්පයක් ලෙස ක්‍රියා කරනවා. 
සඳුන්, තක්කාලි සමඟ සංයෝජනය වී සමේ ගැඹුරට විනිවිද යයි. 
එය සමේ සිදුරු වල ඇති අතිරික්ත තෙල් ඉවත්කර සම පිරිසිදු කරයි. මෙම ක්‍රියාවලිය නිසා වයිට් හෙඩ්ස් / බ්ලැක් හෙඩ්ස් ඉවත් වීමද, සම පැහැපත් විමද, ලප කැළැල් මැකීයාමද සිදුවේ.

🔹අමුද්රව්ය
සඳුන් කුඩු තේ හැඳි 1/2 ක්
තක්කාලි යුෂ තේ හැඳි 1/2 ක්
ෆුලර්ස් අර්ත් තේ හැඳි 1/2 
රෝස වතුර

🔹සකස් කරගන්නා ආකාරය
බඳුනකට සඳුන් කුඩු සහ තක්කාලි යුෂ එක්කර ගෙන කැටිති ඇති නොවන සේ හොඳින් මිශ්‍ර කරන්න.
දැන් මෙම මිශ්‍රණයට ෆුලර්ස් අර්ත් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පසුව රෝස වතුර බින්දු කිහිපයක් ද එකතු කරන්න.
මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15 ක් වියළීමට තබන්න.
අවසානයේදී සීතල අයිස් වතුරේ ගිල්වූ කපු පුලුන් භාවිතයෙන් පැක් එක ඉවත් කරගන්න.

තෙල් සහිත සම සඳහා දොඩම් ලෙලි සහ සඳුන් ෆේස් පැක්

දොඩම් ලෙලි වේලා සකසා ගත් කුඩු වලට සමේ අඩංගු අතිරික්ත තෙල් ඉවත් කිරීමේ හැකියාවක් ඇත. එය සඳුන් කුඩු සමඟ සංයෝජනය කිරීමෙන් සමේ දීප්තියද වැඩි වේ.

🔹අමුද්රව්ය
දොඩම් ලෙලි වලින් සකසා ගත් කුඩු 1 තේ හැන්දක්
සඳුන් කුඩු 1 තේ හැන්දක්
රෝස වතුර 1  1/2 තේ හැන්දක් 

🔹සකස් කර ගන්නා ආකාරය
දොඩම් ලෙලි කුඩු සහ සඳුන් කුඩු මිශ්ර කරන්න.
මෙම වියළි මිශ්රණයට රෝස වතුර එක් කරන්න. අවශ්‍ය නම් වැඩිපුර රෝස වතුර එකතු කළ හැකිය.
මුහුනේ සහ බෙල්ලේ ආලේප කර මිනිත්තු 15 සිට 20 දක්වා තබන්න.
සිසිල් වතුරෙන් සෝදා හරින්න.


Face Pack Mixture

රැළි සහිත සම සඳහා සඳුන් ෆේස් පැක

සඳුන්, ලෙමන් සහ ෆුලර්ස් අර්ත් ෆේස් පැක්

සඳුන් වල විෂබීජ නාශක ගුණ ඇති අතර එයට හානියට පත් සෛල අලුත්වැඩියා කිරීමටද හැකියාවක් ඇත. මෙය ඔබේ සම දීප්තිමත් හා තරුණ පෙනුමක් ලබා දෙයි.

🔹අමුද්රව්ය
ෆුලර්ස් අර්ත් තේ හැඳි 2 ක්
සඳුන් කුඩු තේ හැඳි 2 ක්
ලෙමන් යුෂ තේ හැන්දක්
රෝස වතුර තේ හැන්දක්

🔹සකස් කර ගන්නා ආකාරය
සඳුන් කුඩු සහ ෆුලර්ස් අර්ත් මිශ්‍ර කරන්න.
මෙම වියළි මිශ්රණයට ලෙමන් යුෂ සහ රෝස වතුර එක් කර පේස්ට් එකක් සාදාගන්න.
මුහුණේ සහ බෙල්ලේ ඒකාකාරව ආලේප කරන්න.
එය මිනිත්තු 15 සිට 20 දක්වා තබා වතුරෙන් සෝදා හරින්න.

කුරුලෑ ඇති සම සඳහා සඳුන් ෆේස් පැක්


සමහර අය විශ්වාස කරන්නේ තෙල් සහිත සම පමණක් කුරුලෑ වලට ගොදුරු වන බවයි. නමුත් මෙය සත්‍ය නොවේ. වියළි සමටද කුරුලෑ ඇති විය හැක.
සමේ වියළි ස්වභාවයට අවම කිරීම සඳහා ඇතැම්විට මොළයෙන් සමට සංඥා ලැබෙන බැවින් ස්වාභාවික ක්‍රියාවලි මගින් වියළි සමෙහි තෙල් ස්‍රාවය ඇති කරයි. 
එය සමේ සිදුරු වල තෙල් සිරවීම් ඇති කරන අතර එහි ප්‍රතිඵලය කුරුලෑ ඇති වීමයි. කුරුලෑ සඳහා වන මෙම සඳුන් ෆේස් පැක් එක මගින් සමේ කුරුලෑ ඇතිවීම අවම කරනු ඇත.

කුරුලෑ ඇති සම සඳහා කහ, කැම්පර් සහ සඳුන් ෆේස් පැක්

මෙමගින් ක්‍රියාකාරී කුරුලෑ වලට එරෙහිව සටන් කරනවා විතරක් නෙමෙයි කුරුලෑ කැළැල් සහ බ්ලැක් හෙඩ්ස් වැළැක්වීමටද ක්‍රියා කරයි.

🔹අමුද්රව්ය
සඳුන් කුඩු 1 තේ හැන්දක්
කහ කුඩු 1 තේ හැන්දක්
කැම්පර් කුඩු

🔹සකස් කර ගන්නා ආකාරය
සඳුන්, කහ සහ කැම්පෝර් කුඩු ආකාරයෙන් මිශ්‍ර කරන්න.
මෙම වියළි අමුද්රව්ය වලින් පේස්ට් එකක් සෑදීමට අවශ්ය තරම් ජලය එකතු කරන්න.
මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15 සිට 20 දක්වා තබන්න.
සීතල වතුරෙන් සෝදා හරින්න.

කුරුලෑ ඇති සම සඳහා මී පැණි සහ සඳුන් ෆේස් පැක්

මෙම ෆේස් පැක් එක දිනකට දෙවරක් භාවිතා කරන්න. 
මී පැණි කුරුලෑ වලට හේතු වන ක්ෂුද්‍ර ජීවීන් සමඟ සටන් කරන අතර සඳුන් සහ රෝස පෙති (ජලය) සමේ තෙල් ගතිය අඩු කරයි, කැළැල් ඉවත් කරයි, දීප්තිය ලබා දෙයි.

🔹අමුද්රව්ය
සඳුන් කුඩු තේ හැඳි  3/4
රෝස මල් පෙති කුඩු 1 තේ හැන්දක් (රෝස පෙති කුඩු නොමැති නම් රෝස වතුර)
මී පැණි

🔹සකස් කර ගන්නා ආකාරය
සඳුන් කුඩු සමඟ කුඩු කළ රෝස පෙති (හෝ රෝස වතුර ප්‍රමාණවත් තරම්) මිශ්‍ර කරන්න.
ඊට මී පැණි බින්දු කිහිපයක් එකතු කර මිශ්‍ර කර පේස්ට් එකක් සාදා ගන්න.
මෙම ෆේස් පැක් එක මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. මිනිත්තු 20 ක් වියළීමට තබන්න.
සිසිල් ජලයෙන් සෝදන්න.


Sandalwood and Honey 


අඳුරු සම සඳහා සඳුන් ෆේස් පැක්


ඔබ කිසිවෙකු අඳුරු සමකට කැමති නැහැ නේද? 
සඳුන් වලට නැවුම් දීප්තිමත් සමක් ලබා දීමෙ ඇති හැකියාව මගින් අඳුරු පැහැති සම දීප්තිමත් සමක් බවට පත්කර ගන්නා ආකාරය බලමු.

අඳුරු සම සඳහා සඳුන්, කඩල පිටි සහ කහ ෆේස් පැක්

දීප්තිමත් සමක් ලබාගැනීම දිනපතා මෙම ෆේස් පැක් එක භාවිතා කරන්න. 
මෙය භාවිතා කිරීමෙන් ඔබේ සමේ රැළි සහ ලප අඩු වීම අමතර වාසි ලෙස ලැබේ.

🔹අමුද්රව්ය
තෙල් සහිත සමක් ඇති අය සඳහා සඳුන් කුඩු තේ හැඳි 1/2 
හෝ (වියළි හෝ සංවේදී සමක් ඇති පුද්ගලයින් සඳහා සඳුන් තෙල් බින්දු 8 සිට 10 දක්වා 
කඩල පිටි තේ හැඳි 2 ක්
රෝස වතුර
කහ සුලු ප්‍රමාණයක්

🔹සකස් කරගන්නා ආකාරය 
සඳුන් කුඩු තේ හැඳි 1/2 හෝ සඳුන් තෙල් බින්දු 8 සිට 10 දක්වා ප්‍රමාණයට කඩල පිටි මිශ්‍ර කරන්න.
රෝස වතුර බින්දු කිහිපයක් සහ කහ සුළු ප්‍රමාණයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 30 ක් වියළීමට තබන්න.
සිසිල් ජලය භාවිතයෙන් සෝදාහරින්න

අඳුරු සම සඳහා මී කිරි, මී පැණි සහ සඳුන් ෆේස් පැක්

සූර්යයාගේ හානිකර කිරණ නිසා ඇති වන අඳුරු ලප සහ රළු බව ඉවත් කිරීම සඳහා සඳුන් දැව විශිෂ්ට ලෙස ක්‍රියා කරන බැවින් මෙය ඒ සඳහා ඉතා හොඳ විසදුමකි.
කිරි සිසිල් කිරීමේ කාරකයක් ලෙස ක්‍රියා කරන අතර එමගින් ඔබේ සම මෘදු කරයි.

🔹අමුද්රව්ය 
සඳුන් තේ හැඳි 1
මී කිරි තේ හැඳි 1
මී පැණි තේ හැඳි 1/2

🔹සකස් කරගන්නා ආකාරය
සඳුන් හා කිරි එකතු කර පේස්ට් එකක් සාදාගන්න.
ඊට මී පැණි එකතු කර හොඳින් මිශ්ර කරන්න.
ඇසුරුම මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
එය පැය භාගයක සිට පැයක පමණ කාලයක් තබන්න.
සිසිල් වතුරෙන් සෝදා හරින්න.


Mixture


කැළැල් ඇති සමක් සඳහා සඳුන් ෆේස් පැක්


මෙම ෆේස් පැක් එක සමේ ඇති කැලැල් අඩු කිරීමට සහ සමේ මතුපිට වර්ණය හෙවත් Skin Tone දීප්තිමත් කිරීමට උපකාරී වේ. 
අධික දහඩිය දැමීම හේතුවෙන් ඇතිවන අධික තාපය ඉක්මනින් ඉවත් කිරීමට ද එය උපකාරී වේ.

සමේ ලප කැලැල් සඳහා රෝස වතුර සහ සඳුන් ෆේස් පැක්

මෙය සාදා ගැනීම ඉතා පහසු වන අතර ඒ සඳහා සඳුන් පමණක් භාවිතා කරයි.

🔹අමුද්රව්ය
රෝස වතුර
සඳුන් කුඩු තේ හැඳි 1

🔹සකස් කරගන්නා ආකාරය
සඳුන් කුඩු වලට අවශ්‍ය තරම් රෝස වතුර එක් කරන්න.
පේස්ට් එකක් සාදා මුහුණට සහ බෙල්ලට ආලේප කරන්න.
මිනිත්තු 15 සිට 20 දක්වා එය තබන්න.
එය වතුරෙන් සෝදා හරින්න.


Sandalwood and Rose Water

සඳුන් නිසි ලෙස භාවිතා කළහොත් ඔබේ සමේ සියලු කරදර අවසන් කළ හැකිය.
සෑම ආකාරයේ සමක් ඇති කෙනෙකුටම එහි යම් ප්‍රතිඵලයක් තිබේ. මෙම ෆේස් පැක් උත්සාහ කර බලන්න.
පහත අදහස් දැක්වීමේ කොටසෙහි ඔබගේ අදහස් අප සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.



මේ සම්බන්ද තවත් ලිපි පහතින් කියවන්න


~ස්වාභාවික සුවය~රූ රහස්~
(අවසරයකින් තොරව උපුටාගැනීම තහනම්)

Comments

අපට ලියන්න

Name

Email *

Message *